Channel Avatar

Shenal Gunasekera @[email protected]

70K subscribers - no pronouns :c

TV & Event Host, Grease Monkey, Voice Actor, Poet, proud Raj


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Shenal Gunasekera
Posted 1 week ago

මේ දවස්වල සයිබරයේ ෆේමස් වදනක් පෙරේදා රෑ වැඩියෙන් දැනෙන්න ගත්තා. හුළඟත් එක්ක සිකුරාදා මහ රෑ වැස්ස වැඩි වෙනකොට “සොබාදහම මොකද්දෝ කියන්න හදනවා” කියලා හිතුණා. සෙනසුරාදා පාන්දර දෙකට දෙකහමාරට විතර ඒ ආරංචිය බුකිගත වෙලා තියෙනවා දැක්කා නින්දට යන්න ඔන්න මෙන්න තියෙද්දී. තරු අහස සරසන්න හිතාගෙන, අපේ ආකාස කුසුම නික්මිලා ගිහින්.

මාලිනී ෆොන්සේකා ගැන මට තියෙන්නේ එකම එක මතකයක්. ඒ මීට අවුරුදු හය හතකට කලින්, ඇයගේ සිනමා ගමනට අවුරුදු 50ක් පිරුණු ඇනිවසරිය සෙලිබ්‍රේට් කරපු දවස්වල. සෙනසුරාදා උදේට සිරස ටීවි එකේ උමා අසේනි ටීවි ප්‍රසන්ටිං කරන කාලේ කරපු ටෝක් ෂෝ එකට මාලිනී ෆොන්සේකාට ඉන්වයිට් කරලා තිබුණා. ඒ මම සිරසේ ‘නවු ෂොවිං’ කියලා සිනමා ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රසන්ට් කරන කාලේ. ඒක ප්‍රඩියුස් කරපු ප්‍රදීප් මහේෂ් ලියනගේ, මහේෂ් මාමා උදෙන්ම මාවත් ට්‍රාන්ස්පෝට් එකට නග්ගගෙන, පන්නිපිටියේ මල්ෂාන් ෆ්ලෝරා එකට ගිහින් රෝසස් පිරුණු වේවැල් බාස්කට් එකක් ගත්තා. හේතුව, “දෙයියනේ මාලිනි ෆොන්සේකා ස්ටයින් ස්ටුඩියෝ එකට ඇවිත් ඉන්නකොට හිස් අතින් ගිහින් කොහොමද?” සිනමාව කියන්නේ මහේෂ් මාමාගේ ජීවිතේ. එයා ලංකාවේ සිනමාවේම කොටසක්. මාමා අතින්ම වියදම් කරලා ඒ රෝස බාස්කට් එක ගත්තේ වෙන මොකටවත් නෙවෙයි, මාලිනි ෆොන්සේකාට තියෙන ලව් එකට.

මං ස්ටයින් එකේ මේකප් රූම් එකට යද්දී, පැත්තකට වෙලා තමන්ව ස්ටුඩියෝ එකට එක්කං යනකං, ඇවිත් හිටපු හැමෝත් එක්කම ලස්සන හිනාවෙන් සංග්‍රහ කරමින් හිටිය ඇයව මං ඉස්සිස්සෙල්ලාම හැබැහින් දැක්කා. ස්ටා කෙනෙක්ව හරියටම අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද? ඒ ස්ටා ඉන්න ඕනම තැනක ඇට්මොස්ෆිය’ එක එයාගේ ප්‍රසන්ස් එක නිසා වෙනස් වෙන්න ඕන. තැන මොකක් වුණත්, එතැන අට්‍රැක්ෂන් එක තමන්ගේ අතට ගන්න ඕනේ. ඒක බලෙන් බැහැලා තග දාලා කරගන්න දෙයක් නෙවෙයි, ඉබේටම ඒ අට්‍රැක්ෂන් එක ස්ටා කෙනෙක්ට එනවා. ඒක චචනවලින් වවන්න තේරෙන්නැති ෆීලිං එකක්. මාලිනි මැතිනියව ඉස්සෙල්ලාම දැක්ක වෙලේ මට ඒක ෆීල් වුණා. මාලිනියගේ ප්‍රසන්ස් එකම ඇති ඕනම තැනක් එළිය කරන්න.

උමාගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. මට මතක විදිහට ඒ ප්‍රෝග්‍රෑම් එක අතරමැද දී, මාත් එක්ක සිනමා ප්‍රෝග්‍රෑම් එක කරපු, දැන් මොඩ්ලින් ට්‍රේනිං කරන ත්‍රිකලා ධරණී ගිහින් මාලිනී මැතිනියට රෝස බාස්කට් එක දුන්නා. බදාගත්තා, සතුටු වුණා, ප්‍රෝග්‍රෑම් එක අහවර වුණා. මාලිනී මැතිනිය දැන් පිටත් වෙන්නයි ලෑස්තිය. “එහෙනං මං ගිහින් එන්නං” කියලා හැමෝටම හිනාවෙලා එළියට යන්න පිටත් වුණා. “යකෝ මාලිනී ෆොන්සේකාව එහෙම ගේට්ටුවෙන් එළියට බැහැලා ඇවිදන් යන්න දෙන්නේ කොහොමද” කියපු මහේෂ් මාමා, “මැඩම් ඔහොම ඉන්න” කියලා ස්ටයින් එකේ ගේට්ටුව ඇරලා වාහනය දොර ගාවට ගන්න කටයුතු කළා. ඒ තමයි ලව් එක. වාහනේ ඇතුළට ගන්න වැඩ ටික සිද්ධ වෙනකං, ස්ටයින් එකේ දිග කොරිඩෝ එක පටන්ගන්න තැන තියෙන ග්‍රෑන්ඩ් පියානෝ එක ගාවට වෙලා මම මාලිනී මැතිනිය එක්ක කතා කර කර හිටියා.

එදා මොකක් හරි රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් රෙකෝඩ් කරපු දවසක්. ඒක බලන්න ඇවිත් හිටපු වයසක අංකල් කෙනෙක්, මාලිනී ෆොන්සේකාව හැබැහින් දැකලා තියෙන්නේ එදා, එතනින් ළඟින් ඇවිදන් යනකොට. ඒ අංකල් ෆුල් එක්සයිට් වෙලා, ඇස් දෙකට කදුළු ඇවිල්ලා, හරිම ගරු සරු ඇතුව මාලිනී මැතිනියට කතා කරලා යන්න ගියා. සුපුරුදු ලස්සන එලිගන්ට් හිනාවෙන් මාලිනිය ඒ අංකල්ට සංග්‍රහ කළා. ඒත් එක්කම ආවා පෙනුමෙන් ජෙන් ඉසෙඩ් කොල්ලෝ තුන්දෙනෙක්. මාලිනි මැතිනිය දිහා බලලා එක කොල්ලෙක් කට කොණින් හිනාවක් දාලා ඔලුව ගැස්සුවා. ඒ කොල්ලාටත් මාලිනි මැතිනිය කිසි වෙනසක් නැතුව තමන්ගේ සුපුරුදු ලස්සන එලිගන්ට් හිනාවෙන්ම සංග්‍රහ කළා. කොරිඩෝව පැත්තට යන ඒ තුන්දෙනාගෙන් එකෙක් “කවුද බං ඒ?” කියලා අර හිනාවුණු කොල්ලාගෙන් ඇහුවම “අර මාලිනී ෆොන්සේකා” කියනවා ලාවට ඇහුණා. “ආ...හ්”, කියාගෙන තුන්දෙනා ඇවිදගෙන ගියා. මාලිනියට ලව් කරපු අයත් මාලිනී කවුද අහපු අයත් එක්ක ජෙනරේෂන් ගැප් එක එකම වෙලාවේ දැක්ක සිද්ධියක්. සමහරුන්ට මාලිනී ෆොන්සේකා එච්චර ලොකු නැතුව ඇති. ඊයේ අද කතා වෙන සමහර දේවල්වලින් ඒක තේරෙනවා. කමක් නෑ. මිනිස්සු විවිධ දේවල්වලට තමන්ගේ පපුවේ ඉඩ වෙන් කරන පසන්ටේජ් එක මනින්නේ තමන්ගේ රුචි අරුචිකම් එක්ක. අපිට “තැන්ක් යූ, ගිහින් එන්නං” කියලා මාලිනිය වාහනේට ගොඩ වුණා. රැජිනක් වගේ ඇය ස්ටයින් එකෙන් පිටත් වුණා. ඒ තමයි මට මාලිනී මැතිනිය ගැන තියෙන එකම මතකය. වයසින්, යුගයෙන්, ටැලන්ට් එකෙන්, ජෙනරේෂන් එකෙන්, ලිස්ට් ඩවුන් කරන්න පුළුවන් හැම අතකින්ම මාලනිය මට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්න ලෙජන්ඩරි ගැහැණියක්. ඒ නිසයි ඈත තියෙන තරුවක් ළඟ ළඟම මුණගැහුණු මේ චූටි මෝමන්ට් එක මට ගොඩක් වටින්නේ.

මාලිනියට තිබුණේ කාන්තාවකට පිහිටන්න පුළුවන් නියම ලංකන් නැචුරල් බියුටිය. අන්තිම වෙනකංම ඒ බියුටිය ඇයගෙන් පෙනුණා. ඒක ඇවිල්ලා එක බැල්මකින් මුළු ගමක්ම ගිනිබත් කරන්න පුළුවන් බියුටියක්. බඹරු ඇවිත් පොරකන බියුටියක්. පෙමකට ආරාධනා කරන බියුටියක්. ඒ හැඩ දැක්කම ලව් නොකරන්න හිතෙන්නේ කාට ද? “මයෙ අප්පට, මේං මෙයාට නැගලා” කියාගෙන හෙලන් දෙන බැල්මට ලව් නොකරපු දෑස කුමට ද?

මාලිනියගේ බැල්ම තියෙන, කෙහෙරැල්ල තියෙන, මුව මදහස තියෙන කෙල්ලෙක්ව තමන්ගේ කරගන්න ඒ කාලේ කොල්ලෝ හීන දැක්ක විදිහ මං අහලා තියෙනවා. කොල්ලන්ට පේන්න මාලිනීගේ හෙයාස්ටයිල්ස් දාගෙන ලස්සනට හැඩට ඉන්න ට්‍රයි කරපු කෙල්ලෝ ගැන මං අහලා තියෙනවා. මාලිනීට ලව් නිසාම තමන්ට ඉපදුණු දුවලට මාලිනී කියලා නම් දාපු දෙමව්පියෝ මේ ලංකාවේ හිටියා. පාලු කලුවර රාත්‍රීන් එළිය කරන්න මාලිනීගේ පේප කටිංස් තමන්ගේ ළඟින්ම අලවන් ඉන්න සිකියුරිටි අංකල් කෙනෙක්ව මං කලකට ඉස්සර ජා ඇල ඒකලදී දැකලා තියෙනවා. හුනුපිටිය හරස් මාවතේ විජය නිව්ස්පේප’ස් ඔෆිස් එක ඉස්සරහ ඉන්න ෂෙල්ටන්, පාරේ යන එන හැමෝටම පේන්න මාලිනියගේ ලස්සනම ෆොටෝ එකක් එයාගේ චූටි කුටිය ඉස්සරහින් අලවගන්නවා කියලා මං දන්නවා. සන්නා රෝයල් තැප්‍රෝබේනියන් බිත්තියේ ගහලා තිබුණා මාලනිය බීච් එකේ ඉන්න, හුළඟ නිසා අකීකරු වුණු කෙස් රොද පොකුර එහෙ මෙහෙ යන්න කලබල කරන ෆොටෝවක්, එන්ලාජ් කරපු, ෆ්‍රේම් කරපු. මේ හැම විදිහකින්ම පේන්නේ, එක එක ලේය’ස්වල මිනිස්සුන්ගේ හිත්වල මාලිනියට තියෙන ලව් එක.

සිනමා ඉන්ඩස්ට්‍රියේ ස්වර්ණමය යුගය හදන්න දැවැන්ත දායකත්වයක් දෙන්න මාලිනී මැතිනියට පුළුවන් වුණා. මාලිනිය දැකගන්න ටිකට් එකක් අරන් එන මිනිස්සු නිසා ඉන්ඩස්ට්‍රිය ප්‍රොෆිට් කළා. හවුස්ෆුල් වුණා. මිනිස්සු යැපුණා. ශ්‍රීදේවි එක්ක, දිලිප් කුමාර් එක්ක සමකාලීනව සැරිසරන තරමට මේ රීජන් එකේ මාලිනිය දැවැන්ත අයිකන් එකක් වුණා. ෆිල්ම්වල ලංකන් කෙල්ල වෙන්න පුළුවන් වුණා වගේම පිටගම්කාරයෝ, අඹුදරුවෝ වගේ ටෙලිඩ්‍රාමාවල හරිම ග්‍රේස්ෆුල් ලංකන් අම්මා කෙනෙක් වෙන්නත් මාලනියට පුළුවන් වුණා. කම’ෂල් ද, ආට් හවුස් ද අදාළ නෑ. ඉවුරු දෙකටම පීනන්න මාලිනියට ටැලන්ට් එක තිබ්බා. මගේ මිත්‍ර දුලිත නානායක්කාර එක්තරා කම’ෂල් එකකදී මාලිනියව ඩිරෙක්ට් කරපු වෙලාවේ ලයිටිං සම්බන්ධයෙන් මාලිනියට තිබ්බ සෙන්ස් එක ගැන සති කිහිපයකට උඩදී ඩිසාට් එකේදී අපි සෙට් වුණු වෙලාවක කතා කළා. ෆැන්ටසියෙන් බරවුණු තරුණ තරු කාලයක ඉඳන් ඇවිත් ‘ස්ත්‍රී’ වගේ අමු රියල් වැඩක් ඇක්ට් කරලා ඩිරෙක්ට් කළෙත් මාලිනීමයි කියලා හිතන්නත් අමාරුයි.

මාලිනිය නික්මිලා යන වෙලාවේ ලොකු දුකක් වගේම ලොකු සතුටකුත් තියෙනවා. මොකද යන්න කලින් ඉන්න කාලේ දෙන්න පුළුවන් ලස්සනම ට්‍රිබියුට් එකක් මාලිනියට දුන්න නිසා. සිනෙස්ටා එකට රෙස්පෙක්ට්. ඇයගේ කන්ඩිෂන් එක ඉස්සෙල්ලම දැක්කේ ඒ සෙලිබ්‍රේෂන් එකේ විඩියෝවලින්. ඇත්තමයි මුළු රටක්ම ෂොක් වුණා. මාලිනිය හැමෝගෙන්ම ඈතින් හිටියේ ඇය හිටපු කන්ඩිෂන් එකත් එක්ක. නමුත් ටිකෙන් ටික ඇවිත් රවින්ද්ර රන්දෙණියට අත දෙන්න ළං වුණු ඒ සීන් එක දැක්කම සීත අරණේ සුපුල් නාමලින් තාමත් සුවඳ හමන විදිහ දැක්කා. ඒ අන්තිම පබ්ලික් අපියරන්ස් එකේදිත්, මාලිනී ෆොන්සේකා මාලිනී ෆොන්සේකාමයි. ඒ බියුටියමයි. ඒ එළියමයි. අපිට දැණුනේ ඒ ලව් එකමයි.

ඇගේ ඇයගේම ආදරය අහිමි වුණාට, රටේ ආදරය ඇයට උපරිමයෙන්ම ලැබුණා.
හෙට හවස මේ මහපොළොවෙන් ඉහළට ගිහින් ආකාසයේ කුසුමක් වෙලා ඇය ඉපදෙනවා.

ඇයගේ අවසන් ගමනට ප්ලේ කරන්න මැච් වෙන හොඳම මෙලඩිය තියෙන්නේ ‘ආකාස කුසුම්’ තීම් සෝංග් එකේ. ඒ ෆ්ලූට් ඉන්ටලූඩ් එකයි, මාලිනියගේ ලස්සන හිනාවයි, ඒ බැල්මයි. එච්චරයි.

ලාංකේය සින‘මා’වේ ‘මා’යන්නෙන් කියවෙන්නේ මාලිනී ෆොන්සේකා ගැනයි.

ඔබට සුව නින්දක්, රිදී තිරයේ නිධානය, මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා!

- ෂෙනාල් ගුණසේකර -

92 - 6

Shenal Gunasekera
Posted 1 month ago

ලංකාවේ තියෙන දරුණු අවුලක් තමයි පොලිටිකල් සැටය' තේරුම් ගැනීමේ තියෙන අඩුපාඩුව. අනුර කුමාර දිසානායක ඊයේ කතා කරද්දී ළහිරු හර්ෂණ කැප්ච කරගත්තු මේ ෆොටෝ එක සම්බන්ධයෙන් හැදෙන කොන්වසේෂන් එකත් ඒ වගේ.

පවිත්‍රා වන්නිආරච්චි ආදරේ බේරෙන බැල්මක් දාගෙන මහින්ද දිහාට ඔලුව නවාගෙන ඉන්න විදිහ, මෛත්‍රීපාල කාරෙකට ගොඩවෙන්න කලින් දත් ඇන්දම එළියෙ දාගෙන ගත්තු ෆොටෝ එක, රනිල්ගේ ඕවසයිස් එල්ලා හැලෙන හම්පඩ ගැහිච්ච කලිසමේ ෆොටෝ එක, මංගල සමරවීර මොකක් හෝ යමක් දිහා ඇස් එළියට පනින්නම ලොකු කරගෙන බලන් ඉන්න ෆොටෝ එක, මහින්ද හැරීගෙන කපටි හිනාව දාන ෆොටෝ එක, මහින්දගේ විතරක් ගත්තත් තියෙන ආතල් ෆොටෝ ප්‍රමාණය, නිමල් සිරිපාල ද සිල්වා පාලිමන්‍ට් එකේ කට ඇරගෙන බුදියන ෆොටෝ එක, ගෝඨා රේන්ජ් රෝවරෙන් අත එළියට දාලා "දැන් ඔය ළමයි ගෙදර යන්න" කියන එක, සජිත්ගේ විවිධ ඇක්ෂන්, මේ වගේ කැන්ඩිඩ් ෆොටෝ බර ගාණක් අපිට මතකයි. ඒවයෙ තියෙන කැතම තමයි ඒවයෙ ලස්සන මතු කරන්නේ. අපිට නිතරම ක්ලීන් කට් පෙන්නන දේවල්වලට වඩා මේ වගේ ඔහේ වැදුණු අන්ප්ලෑන්ඩ් ෆොටෝවල තියෙන නැචුරල් ගතිය හරිම ලස්සනයි. ඒවා කෙළින්ම මීම් මෙටීරියල්. ඒවා එක්ක මිනිස්සු ආතල් ගන්න එකත් සෝෂියොපොලිටිකල් බිහේවිය' එකේම තියෙන ලස්සන කෑල්ලක්.

ලෝකේ ෆේමස්ම පෝට්‍රේට් ෆොටෝ එක වුණු චේ ගියුවේරාගේ ෆොටෝ එක ගන්නෙත් ප්ලෑන් කරලා නෙවෙයි, ඇල්බ'ටෝ කෝඩා ඔහේ ගත්තු ෆොටෝ එකක් තමයි පස්සේ ක්‍රොප් කරලා ගත්තම අමුතු ගතියක් එන්නෙ, පස්සේ ඒක කල්චරල් ඉම්පැක්ට් එකක් වීමේ සිට ෆැෂන් අයිකන් එකක් වීම දක්වා ලොකු රේන්ජ් එකක පැතිරුණා. ඒවත් අහම්බෙන් වැදුණු කැන්ඩිඩ් ෆොටෝ.

ඩොනල්‍ඩ් ට්‍රම්ප්ගේ කලින් ට'ම් එකේත්, මේ යන අලුත් ට'ම් එකේත් ඕනෙතරම් කැන්ඩිඩ් ෆොටෝ වැදිලා තියෙනවා. ඒවට සමහරු හිනාවෙලා තියෙනවා. සමහරු ඒවයේ ට්‍රම්ප්ව හීරෝ කරලා තියෙනවා. මිනිස්සුන්ගේ රීඩිං වෙනස්. ඒකෙම නේද ආතල් එක තියෙන්නේ. දවස ගාණේ ලේට් නයිට් ෂෝවල, ස්ටෑන්ඩප් කොමඩි ෂෝවල ට්‍රම්ප්ට හිනාවෙනවා, ඇද කරනවා. ට්‍රම්ප්ගේ තැඹිලි පාට බොම්බයි මොටයි කොණ්ඩෙට, විරිත්තිල්ලට, වැරදි ප්‍රනවුන්සියේෂන්වලට, කැන්ඩිඩ් ෆොටෝවලට මිනිස්සු හෝල්සේල් හිනාවෙනවා. ඉස්සර ඔබාමා කට බෙරි කරගෙන ඉන්න ෆොටෝ එකක් තිබ්බා, කාලයක් ඒක සෑහෙන යූස් වුණු මීම් මෙටීරියල් ෆොටෝ එකක්. එහෙම තමයි පොලිටික්ස්.

අනුර කුමාර ජනාධිපති වුණේ දෑකැති මුවහත් බැක්ග්‍රවුන්ඩ් එකකින්. දැන් දම් වුණාට ඒ රතු අතීතය අතුගාලා දාන්න බෑ. එහෙම අවශ්‍යත් නෑ. මේ ෆොටෝ එකෙන් මට පේන්නේ අනුරගේ බැක්ග්‍රවුන්ඩ් එක ගැන රිකෝල් කිරීමක් වගේ. ඒ පන්නරයෙන් ආව පුනරුදය දිගේ රටේ ඉහළම තැනට ආව මිනිහෙක්ව මං මේ ෆොටෝ එකේ දකිනවා. අනුරට රට කරගන්න බැරුව දෙයියන්ට යදිනවා වගේ එකක් ඕන්නං මේකට හිනාවෙන කෙනෙක්ට කියන්නත් පුළුවන්. කමක් නෑ ඉතිං.

අනුරගේම ෆොටෝ එකක් තියෙනවා නිතර යූස් වෙන. අර පපුව අල්ලගෙන වැතිරිලා ඉන්න එක. කෙල්ලෙක් ඇහැක් ගැහුවම පපුව තප්පරේකට නවතින ෆීල් එක දෙන්න දැන් ඒ ෆොටෝ එක යූස් වෙනවා. ආතල් නේ. ඇත්තටම බැලුවම රාජ්‍ය නායකයන්ට ඒවයෙ අවුලකුත් නැතිවෙන්න පුළුවන්. වටපඩයන්ගෙන් නෙ බේරෙන්න බැරි. ඕපන් මයින්ඩඩ් මිනිස්සු ඉන්නවා කියලා හිතපු තැනකින් මේ වගේ ෆොටෝ එකකට ප්‍රෙෂ' එකක් ඇවිල්ලා අයින් කරන්න සිද්ධ වෙනවා කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

මට නං ළහිරු හර්ෂණ ගත්තු මේ ෆොටෝ එක පට්ට ආතල් ෆොටෝ එකක්.

- ෂෙනාල් ගුණසේකර -

50 - 3

Shenal Gunasekera
Posted 1 month ago

ලියලා තියාගන්න. මේ කෙට්ටු කොල්ලා ඉස්සරහට තමිල්නාඩු ෆිල්ම් ඉන්ඩස්ට්‍රියේ නියම බුලට් එකක් වෙනවා. පරක්කු වෙවී තිබිලා තිබිලා අන්තිමට 'Love Today' බලද්දී මට හිතුණේ ඉරට්ටක් වගේ ඉන්න මේ හීන්දෑරි පොර ඩිරෙක්ටිනුත් කරගෙන තමන්ම මේන් රෝල් එකත් කරගෙන කොහොමද මෙච්චර සිරා වැඩක් කළේ කියලා. ප්‍රදීප් රංගනාදන්, මාව පිස්සු වට්ටපු පොරක්. තැනක් හදාගන්න පට්ට කට්ටක් කාලා, යූටියුබ් එකට ෂෝට් ෆිල්ම්ස් හදලා දාලා, අඩියෙන් අඩිය ආව ගමන, අන්තිමට හොඳ ඇක්ට' කෙනෙක්ව ගන්න සල්ලි නැති නිසා තමන්ම ඇක්ට් කරගෙන සිනමා පෙම් සිහිනේ වෙනුවෙන් 'ලව් ටුඩේ' කරපු ප්‍රදීප් රංගනාදන් නං විකාරයි. ප්‍රදීප්ගේ හැසිරීමේ, ඇක්ට් එකේ, අතපය දිගෑරිල්ලේ, දැඟලිල්ලේ මට පේන්නේ ධනූෂ් ඌෂ්ණය. ප්‍රදීප්ගේ අලුත්ම වැඩේ 'Dragon', හෝල් එකේ නොබැලුවේ අපරාදේ කියලා හිතුණේ නෙට්ෆ්ලික්ස් එකෙන් බලන්න ගත්තම.

මොන ගේම ගැහුවත් ඒක හිතට අවංකව කළේ නැත්තං රජෙක් වුණත් වැඩක් නෑ. කාට බොරු කළත් තමන්ගේ හිතට බොරු කරන්න බෑ. ඩී රාගවන් අපිට ඩ්‍රැගන් විදිහට ඇවිත් කියලා දෙන්නේ ඒ මෙසේජ් එක. හොඳට ඉගෙනගෙන කැම්පස් ගියාට පස්සේ "අයියා"ර්සීකාර ආරූඪයක් මේන්ටේන් කරලා ඇරියස් සබ්ජෙක්ට්ස් 48ක් එක්ක එළියට බහින ඩ්‍රැගන්, ගේමක් ගහලා ගොඩ ගිහින් ජීවිතේම ගොඩ කියලා හිතාගෙන වතුර නටනකං වතුරෙ නට නට හිටිය කකුළුවාගේ කතාව ආයෙත් මතක් කරනවා. ආතල් ගන්න ඕන තමයි, ඒත් ඉගෙනීමේ වටිනාකම කවදාහරි කොතනදී හරි තේරෙන්න ගන්නවා. එදාට දේවල් හරිගස්සන්න පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ෆ්‍රීඩම් එක තියෙන කාලේ ඉගෙනීම ගොඩ දාගෙන ඉන්න ඕනේ කියන දරුණු මෙසේජ් එක 'ඩ්‍රැගන්' ෆිල්ම් එක පුරා සියලු ආතල් සීන්ස් උඩින් තවරලා තියෙනවා.

අනේ ඒ තාත්තා. පුතාව මනුස්සයෙක් කරන්න තමන්ගේ සේසතම වියදම් කරන විදිහ. එහෙයි අපෙයි කියලා කිසි වෙනසක් නෑ. ඒවා නං මාරම ඉමෝෂනල් සීන්ස්. උපාධි කොළේ, ග්‍රැජුවේෂන් ෆොටෝ එක ෆ්‍රේම් කරලා සාලෙන් එල්ලන එක අම්මා කෙනෙක්ගේ අප්පච්චි කෙනෙක්ගේ හීනයක්. ඒක කොයි දීපංකරෙත් එකයි. අඩුම තරමේ ඒ දෙන්නා වෙනුවෙන්වත් මහන්සි වෙලා ඉගෙනගෙන ඒ සතුට ගෙනත් දෙන්න ඕන කියලා ඩ්‍රැගන් බලන ටීනේජ් පොරකට, අලුත් යූත් එකට හිතේවි. ආතල් බහුල යූත් එක එහෙම හිතන තැනට ෆිල්ම් එකකින් තල්ලු කරන්න පුළුවන් නං, එක මරු. 'ඩ්‍රැගන්' බලන හැම කොල්ලෙක්ගේම පපුව හරහා මේ ෆිල්ම් එක විනිවිද යනවා. ලොවෙත් බොක්කටම දැනෙනවා. දෙමව්පියන්ට අපි මොනතරම් ණය ද කියලා දැනෙනවා.

පොතේම ඔලුව ඔබන් ඉඳලා කැම්පස් ගිහින් වෙන වෙන විකාරවලට ප්ලග් වෙලා නැති පොරත්වයක් ආරූඪ කරගෙන ජීවිතේ අතරමං වුණු අය, මට මතක අය කිහිපදෙනෙක්ම 'ඩ්‍රැගන්' බලද්දී මතක් වෙන්න ගත්තා. කැම්පස් එක තමා මුළු ලෝකෙම කියලා හිතාගෙන රඟපු අය ජොබ් මාකට් එකට එද්දී, පවුලේ බර කරට ගන්න සිද්ධ වෙද්දී රියැලිටිය තේරෙනකොට දැනෙන වේදනාව, කන්න වෙන පරිප්පුව 'ඩ්‍රැගන්' බලද්දී දැනෙන්න ගන්නවා. අම්මා අප්පච්චි අපි ගැන මොන තරම් නං හීන දකිනවා ඇත් ද කියලා සිනමැටික් ඉමෝෂනල් සීන්ස් බලද්දී හිතෙනවා. සියලු ආතල් මැද පපුවට හීනියට රිංගලා තමන් තමන් ගැනම පොඩ්ඩක් හිතලා බලන්න කියලා පපුවට තට්ටුවක් දාලා යන ගතියක් 'ඩ්‍රැගන්' බලද්දී මට දැනෙනවා.

'ඕ මයි කඩවුලේ' හදපු අශ්වත් මාරිමුත්තු එයාගේ දෙවෙනි දීගේ වුණු 'ඩ්‍රැගන්' හදන්නේ අවුරුදු ගාණක් එයා එක්ක එකට සිනමා හීනය දැක්ක ප්‍රදීප් රංගනාදන් එක්ක. ඒ ටීස වීඩියෝ එක යූටියුබ් එකේ තියෙනවා. දිනපු දවසට ආපහු හැරිලා කාපු කටු දිහා බලද්දී ලොකු සතුටක් දැනෙනවා. 'ඩ්‍රැගන්' ජීවිතේ දින්නේ ෂෝට්කට් ගහලා වුණාට ප්‍රදීප් රංගනාදන් සිනමාව දින්නේ සෑහෙන කට්ටක් කාලා. ඒ සංතෝසේ දැන් ප්‍රදීප්ට දැනෙනවා ඇති. හරියට හිටියොත් සිරා ගේමක් ගහන්න පුළුවන් කොල්ලෙක්. දැනටම ප්‍රදීප් තමන්ගේම අයිකොනික් සිගරට් කොට විසික්කිරිල්ලක් හදාගෙන. දුම්බීම පිළිකා ඇති කරයි වුණාට ඒකෙන් ෆිල්ම් සීන්ස්වලට නං වෙනම කල' එකක් හැඩයක් ඇති කරයි.

සොමි ෆිල්ම් එකක්! 'ලව් ටුඩේ' බලලා 'ඩ්‍රැගන්' බලපු නිසා එන්ඩිං එක දැකලා හික් ගෑවුණා.

#Dragon #PradeepRanganathan #Dahayaamaara

- ෂෙනාල් ගුණසේකර -

51 - 1

Shenal Gunasekera
Posted 1 month ago

අපේ වැඩිහිටියන්ට අපිව තේරුණේ නෑ. අපේ නීඩ්ස්, අපේ ඩ්‍රීම්ස්, අපේ ගෝල්ස් ඒගොල්ලන්ට අහුවුණේ නෑ. ඒ වගේම තමයි දැන් අපි වැඩිහිටියෝ වේගෙන එනකොට අපිට අපෙන් පස්සේ ජෙන් එක තේරෙන්නෑ. හැමදාමත් මේ ප්‍රශ්නය මෙහෙම්මමයි, ඒ ජෙනරේෂන් ගැප් එක පුළුවන් තරම් අවම කරගත්තේ නැත්තං වෙන අර්බුදයේ තරම පෙන්නන සිරා වැඩක් විදිහටයි මම 'Adolescence' දකින්නේ.

ලෝකෙ පුරා හුඟදෙනෙක් කතා කරන්නේ මේ එපිසෝඩ්ස් හතර අස්සේ කරලා තියෙන ප්‍රඩක්ෂන් මැජික් එක ගැන, ඒ තමයි පැයේ එපිසෝඩ්ස් හතර සිංගල් ටේක්ස් හතරක් විදිහට ෂූට් කරපු එක. ඒක හිතාගන්නවත් බැරි ලෙවල් එකේ වෙහෙසක්. හැම කෙනෙක්ම තප්පරේට සින්ක් වෙලා කරන්න ඕනේ වැඩක්. ඒ දරපු වෙහෙස නං අනිවා ලබන අවුරුද්දේ එමීවලදී අවෝඩ්ස් ලැබිය යුතු වෙහෙසක්. මේ අප්ලෝඩ් කරලා තියෙන හැම එපිසෝඩ් එකක්ම දහපාරකට එහා කරපු ටේක්ස්. මැදක් හරියක වැරදුණොත්, ඩයලොග් එකක් හෝ මොකක් හෝ මිස් වීමක් වුණොත් ආයෙත් මුල ඉඳන් ෂූට් කරන්න ඕනේ. හැම එපිසෝඩ් එකක්ම සතියක් දෙකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මෙච්චර කට්ටක් කන්නේ මොකටද කියලා කාටහරි හිතෙන්න පුළුවන්. ඒකෙ තමයි ඇත්තටම මට මේ වැඩේ ඇතුළේ තියෙන බියුටිය සහ කතා කළ යුතු කෑල්ල මුණගැහෙන්නේ.

ඉවරයක් වෙන්නැතුව එක දිගට මේ ෆ්ලෝ එක මුළු එපිසෝඩ් එක පුරා දුවනකොට, අපිත් ඒ සිද්ධියේම කොටස්කාරයෝ වෙනවා. ඒ අයත් එක්කම අපිත් ඇවිදින්න පටන් ගන්නවා. ඒ කතාව අපේ වෙනවා. වෙන ෆිල්ම්ස් සීරීස් බලන්නා වගේ නෙවෙයි, ඇඩලසන්ස් බලන්න තරමක් රෙඩි වෙලා සිහිය එක තැනක තියාගෙන ඉන්න ඕනේ. එතකොට මේ කතාව දැනෙනවා වැඩියි.

කතාවට හේතු වෙන්නේ දරුණු සිද්ධියක්. අවුරුදු 13ක බාලවයස්කාර කොල්ලෙක් එයාගේ ඉස්කෝලේ ගෑණු ළමයෙක්ගේ දිවි තොර කළා කියන චෝදනාව එල්ලවෙලා අරෙස්ට් කරනවා. කොල්ලා දහ අතේ දිවුරනවා එයා එහෙම දෙයක් කළේ නෑ කියලා. දරුවෙක් සම්බන්ධ දරුණු කේස් එකක් හැන්ඩ්ල් කරන්න දෙමවුපියෝ, පොලිසිය, ඉස්කෝලේ ටීච'ස්ලාට ෆේස් කරන්න සිද්ධ වෙන කරදර තොගේ සහ ප්‍රෙෂ' එක මේ කතාවේ පෙන්නනවා.

මං හිතනවා මේක ලංකාවේ සියලුම ටීච'ස්ලාට, වැඩිහිටියන්ට, දෙමව්පියන්ට පෙන්නන්න ඕන සීරීස් එකක් කියලා. ළමයි අතරේ සිද්ධ වෙන දේවල් විදිහට වටින් ගොඩින් ආරංචි වෙන කතා එච්චර සුබ නෑ. ඇල්ටෙයා, ලෝටස් ටව', රත්නදීප කේස්වලට මුල මොකද්ද කියන එක තාම හරියට හොයාගෙන නෑ. රිවීල් වෙලා නෑ. වැඩි පරිස්සමට ළමයාව ගේ අස්සේ තියන් ඉන්න එක සමහරවිට පට්ට ඩේන්ජරස් වැඩක් වෙන්න පුළුවන් කියලා අපි කීයටවත් හිතන්නේ නෑ, නමුත් අද කාලේ ඒක තමයි වෙන්නේ. පොඩි එවුන් අතට ලොකු ලොකු ඩිවයිසස් එනවා. අම්මලා අප්පච්චිලා හිතනවා ළමයින්ට ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නම ළමයි සංතෝසෙන් ඉන්නවා ඇති කියලා. මේ ජීවන රේස් එක ඇතුළේ ළමයින්ගේ මූණ බලන්නවත් වෙලාවක් නෑ. දෙමව්පියෝ එහෙම මහන්සි වෙන්නෙත් ඉතිං දරුවන්ගේ අනාගතය හදන්නම තමයි. එතකොට කවුද හරි? කවුද වැරදි? මේක හෙන සීරුමාරුවට ඩිස්කස් කරන්න ඕන ටොපික් එකක්. මේක ග්ලෝබල් ප්‍රශ්නයක්. ඒක ඇඩ්‍රස් කරන්න ගත්ත හොඳ එෆ'ට් එකක් විදිහට 'ඇඩලසන්ස්' පෙන්නන්න පුළුවන්.

එන්ඩ් එක මීට වඩා තව තැනකට ගෙනියන්න තිබුණා කියලා හිතෙනවා. නමුත් ඕවරෝල් වැඩේ ලස්සනයි. බැලුවට පස්සේ සමාජය ගැන ලොකු බයක් දැනෙනවා. ළමයෙක්ව උස්මහත් කරනවා කියන්නේ මොනතරම් රෙස්පොන්සිබිලිටියක් ද කියන දේ දැනෙනවා.

නෙට්ෆ්ලික්ස් එකේ තියෙන මස්ට්-වොච් වැඩක්. පොඩි එකා, ඕවන් කූප'ගේ ඇක්ටිං නං පට්ට!

#Adolescence #Netflix #Dahayaamaara

- ෂෙනාල් ගුණසේකර -

56 - 3

Shenal Gunasekera
Posted 1 month ago

අවුරුද්දේ ආතල් එක දැන් නෑ නේද. එහෙම ප්‍රශ්න කරන පෝස්ට්ස් කිහිපයක්ම මං දැක්කා. මටත් එහෙම හිතුණු කාලයක් තිබ්බා. අවුරුදු ආතල් එක ඇත්තටම අපෙන් ඈත් වෙලා ද? නෑ, ඉස්සර එහෙම හිතීගෙන ආවත් ඊයෙන් පස්සේ මං ඒක කීයටවත් බිලීව් කරන්නේ නෑ.

ඊයෙ දවල් වරුව සහ රෑ ගත කළේ මහරගම ටවුමේ, ලාස්ට් මිනිට් ෂොපිං කරන්න ගිහිල්ලා. වැඩිහරියක් හිටියේ කොළඹ මිනිස්සුමයි කියලා කියන්න පුළුවන් දවසක් සහ වරුවක්. මං වගේම ඒ අයත් ඇවිත් හිටියේ රස්සා නිසා කලින් එන්න වෙලාවක් නැතිවුණු හේතුවෙන් කියන එක තේරුණා. ඒත් ඒ හැමෝම හරි උනන්දුවෙන් ඇඳුම් ගන්නවා, කැවිලි පෙවිලි ගන්නවා, මග දිගට දකින ලස්සන ලස්සන සුකුරුත්තම් කෑලිත් ගන්නවා. ගෑණි දරුමල්ලෝ එක්ක අවුරුදු ෂොපිං කරන්න ඇවිත් ඉන්න බෝනස්බර තාත්තලාගේ වසන්ත සංතෝසේ මූණුවල පිපෙනවා. අතින් කටින් මලු එල්ලගෙන, මග දිගට විඩාව එලිෆන්ට් හවුස් බීම, හයිලන්ඩ් මිල්ක්, රූට්ස් ජූස් සිහිලෙන් නිවාගෙන ලහි ලහියේ ෂොපිං කරනවා.

මට මදිපාඩුව තිබුණේ ඉණෙන් පහළ අයිටම්ස්. මහරගම පාරවල් දිගේ ඇඳුම් බල බල ඇවිද්දා. මිනිස්සු එක්ක මුහු වෙවී තෙරපි තෙරපී ඇවිදින අතරේ ඒ අයගේ කතාත් ඉබේම ඇහෙනවා. පවුලේ අයට ගන්න ඕන ඇඳුම් ආයිත්තම් ෆෝන් එකේ නෝට් දාගෙන ඇවිත් අරගන්න මිනිස්සුත් ඉන්නවා. සමහරු වීඩියෝ කෝල් අරගෙන ඇඳුම් පෙන්නලා ගේන්න ඕන ඒවා මොනාද අහනවා. සෙනඟ මැද ලවුඩ්ස්පීක' දාගෙන නගර සභා ලවුඩ්ස්පීක'ස්වලට වඩා සද්දෙට ෂොපිං කරනවා. ගෙදරට අඳින්න මරු ෂෝට්ස් ටිකක් මට හම්බුණා එහෙම ඇවිදන් යනකොට. පස්සේ මං ගියා නෝලිමිට් එකට. ඩෙනිම් සෙක්ෂන් එකේ හිටපු කොල්ලා සෑහෙන මහන්සි වෙලා ස්ටෝස් ඇදලා ස්ටොක්ස් කණපිට ගහලා ඇඟට තියලා මැහුවා වගේ ඩෙනිම් දෙකක් හොයලා දුන්නා. මුස්ලිම් කඩවල කස්ටම' ස'විස් එක කවදත් උපරිමයි. ලෝකෙ පෙරළලා හරි ඕන දේ අත් දෙක උඩින් ගෙනත් තියනවාමයි. ෆිටෝන් රූම්ස්වලින් එළියට එබි එබී "අම්මෙ මේක, අම්මෙ මේක" ගාන පොඩි උන් දැක්කම අවුරුද්දේ උණුහුම දැනෙන්න ගත්තා. බැට්මෑන් ටී ෂ'ට්ස් පෙන්න පෙන්න "අනේ අම්මෙ මේකත් ගමු" කියද්දී, අම්මලාට ඒකේ ආතල් එක නොතේරෙන නිසා "මොකටද මේ වවුල් මඟුල්" කියලා අහද්දී, මට මගේ පොඩි කාලේ මතක් වුණා. ඉගෙනගෙන ලොකු වෙයං පොඩි එකෝ. මං දැන් මට ආස කොමික් ටීෂ'ට්ස් ඔක්කොම ගන්නවා, කාටවත් උත්තර දෙන්න ඕන නෑ.

කූල් ප්ලැනට් එක හොට් ප්ලේට් එකක් වගේ රස්නෙයි. පැයක් පෝලිමේ හිටියා මූස් කලිසමක් බිල් කරගන්න. ඒ තරමට මිනිස්සු ඇඳුම් ගන්නවා. කොස්මෙටික් අයිටම්ස් ගන්නවා. හිටං ඉන්න ටිකට ළමයි චූටි චූටි සෙල්ලම් බඩු, හොට් වීල්ස් කාස්, පෝකිමොන් කාඩ්ස් අතට ගන්නවා. වදෙන් පොරෙන් කොහොමහරි අම්මලා අප්පච්චිලා ඒවා අරන් දෙන්න ඕකේ වෙනවා. "කමක් නෑ අවුරුදුනේ" එක්ස්කියුස් එක ළමයින්ට වාසිසහගතයි. ඒක මරු මාකටිං ස්ට්‍රැටජියක්. පෝලිමේ පමාවෙන් පොඩි පොඩි අයිටම්ස් විකුණාගැනීම. පෝලිම වැඩෙන දිගට තොරොම්බල් ගොඩගහලා පාට පාටින් පේනකොට ගන්න ගන්න කියලා ඇස් දෙකට අඬගහනවා. මමත් ඒ උනන්දුවෙන් හරිහමං හොට් වීල්ස් එකක් මගේ කලෙක්ෂන් එකට ගන්න තියෙනවද කියලා බලනවා. කැන්ඩි තිලකවර්ධන කඩවලත් මේ වගේම වෙන්න ඇති. මං ගොඩ වුණේ නෑ. මට කවදාවත් ඒ ඇඳුම් සෙට් වුණේ නෑ. ඒ කියන්නේ සිංහලබෞද්ධ භීෂණේ පීක් කාලෙත් මං ඒවයින් ඇඳුම් ගත්තේ නෑ, මොකද මට ප'සනලි සෙට් නැති නිසා. එදා සිට ගොඩවුණේ නෝලිමිට් කූල් ප්ලැනට් සහ ෆැෂන් බග්වලට, රේන්ජ් එක හොඳ නිසා. ඒක මගේ චොයිස් එකක් පමණයි.

හැමෝටම අවුරුදු ආතල් එක දැනෙන්න ඕනේ. අවුරුද්ද ලබන්නේ අපි හැමෝටම. රුපියල් සීයක් දුන්නා පාර අයිනට වෙලා මවුත් ඕගන් එකක් ගගහ හිටපු අංකල් කෙනෙක්ට. "සීත සුනිල් දිය දහරා" සිංදුව ලස්සනට ප්ලේ කළා. සිංදු කියන යාචකයන්ට මං කොහොමත් සල්ලි දෙනවා, ජෝතිට මිල්ටන්ලට ඒ ගමන්ම පින් දෙනවා. කඩවල් ඉස්සරහින් ජේබීඑල් පාටිබොක්ස් අස්සෙන් ජෝති කියනවා අවුරුදු ආවා කියලා. සෙන්ටිග්‍රේඩ්ස්ලා, රන්වල ලොක්කා, බෙග් මාස්ට', මේ සැම කෙනෙක්ගේම සද්දත් අවුරුදු සද්දම තමයි. කොහා වගේම අවුරුද්දේ අපේ සද්දේ දැනෙන්න සංගීතෙත් එකතු වෙනවා. ඒකෙන් අවුරුදු ෆීල් එක තවත් වැඩි වෙනවා.

කාටහරි හිතෙන්න පුළුවන් ෂොපිං කරන එක ද අවුරුදු කියලා. ඒකත් අවුරුදුවල කෑල්ලක් තමයි. නිකංම කෑල්ලක් නෙවෙයි ආයෙ මේන්ම කෑල්ලක්. මලු ගණන් නෙවෙයි, එකම එක ඇඳුමක් ගාණේ හරි අරගෙන පවුලේ අය සංතෝස වෙනවා නං, ඔව් මට එතන අවුරුද්දේ ලස්සන පේනවා. පවුලේම අය මුකුත්ම නොගෙන නිකං පාරට ඇවිත් අවුරුදු වින්ඩෝ ෂොපිං පාරක් දැම්මත්, මං එතන අවුරුද්දේ ලස්සන දකිනවා. දවස් කිහිපයකට ජීවිතේ ප්‍රශ්න ටික අමතක කරලා පවුලේ අයත් එක්ක එකට ඉන්න ලැබෙනවා නං ඒක තමයි අවුරුද්ද.

ගමේ යන උදවිය තාමත් අවුරුදු සෙලිබ්‍රේට් කරනවා. වැඩිය පෙනුන්නැති වුණාට නගරේ උදවියත් යස අගේට අවුරුදු සෙලිබ්‍රේට් කරනවා. හැබැයි, අවුරුදු නෑ නේද, ඉස්සර වගේ දැන් අවුරුදු දැනෙන්නෑ නේද කියලා හිතන ඩිප්‍රෙෂන් ෆැෂන් එකෙන් වැහුණු පෝස්ට්ස් කිහිපයක් තරමක් ෂෙයා වෙනවා දැක්ක සිටුවේෂන් එකක් මැද, මං හැමෝටම කියන්නේ, ඉන්න තැන පොඩියට හරි පුළුවන් විදිහට අවුරුද්ද සෙලිබ්‍රේට් කරන්න. කැවිලි උයන්න අමාරුයි ද? කොස්ට් එක වැඩි ද? වෙලාව නැද්ද? කොණ්ඩෙ ගන්න දන්නෙ නැද්ද? කමක් නෑ, කැවිලි ටික කඩෙන් අරගෙන යන්න. අපි අපේ අලුත් ලයිෆ්ස්ටයිල්වලට අනුගත වෙන්න ඕනේ. කිරි උතුරන්න පොල්කිරි නැද්ද? ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකක් ගන්න. මුට්ටියක් නැද්ද? සාස්පානක උතුරන්න. ලිපක් හදන්න බැරි ද? ගෑස් එකේ තියන්න. කිරිබත් හදන්න දන්නැද්ද? යූටියුබ් එකෙන් ඉගෙනගන්න. නැකතට සියලු දේවල් ටික කරන්න. නැකතට කරේ නැත්‍තං කෙළවෙනවා වගේ මනස්ගාත නෙවෙයි. නැකතට දේවල් කළා නොකළා කියලා ජීවිතේට වෙන කිසිම බක්කක් නෑ. නමුත් විශේෂෙන්ම වෙලාවක් වෙන් කරගෙන මේ චාරිත්‍ර වාරිත්‍ර කරන එකේ ආතල් එක ගන්න ආස නැද්ද? මං කියන්නේ අපිට ඒ ආතල් එක සෑහෙන මිස් වෙලා තියෙනවා. අවුරුදු චාරිත්‍ර නොකර ට්‍රිප් යන්න පුරුදු වෙලා අපි දැන් වෙන වෙන මෙන්ටල් ට්‍රිප් යන්න පටන් අරගෙන තියෙනවා. යන දිල්ලියක අවුරුදු චාරිත්‍ර ටික කරලා යන්න. නැත්තං ඉන්න තැනක එකට අවුරුදු චාරිත්‍ර ටික කරන්න. අලුත් ඇඳුම් ඇඳගෙන, අලුතින් කිරිබතක් හදලා, උණු උණුවේ සැරට කට්ට සම්බෝලෙකුත් එක්ක පිච්චි පිච්චි කනකොට, පවුලේ අයට කවනකොට, කැවුමක් කොකිසක් ආස්මි කෑල්ලක් කනකොට ආතල් නැද්ද? ටීවි චැනල්වලයි ප්‍රසිඩන්ට් හවුස් එකෙයි මේ මුළු ලංකාවෙ අස්සක් මුල්ලක් නෑරම හැම තැනකම එකම වෙලාවට එකට කිරිබතක් කන එකේ ආතල් එක අලුත් ජෙන් එකට දැනෙන්න දෙන්න.

ගෙදර එන්න 138ක නැග්ගා. සෙනඟ අඩු නිසා මගේ බෑග්වලටත් වාඩිවෙන්න සීට් එකක් හම්බුණා. පරණ අවුරුද්දේ අන්තිම ට'න් එකලු. මං ඉතුරු සල්ලිත් තියාගන්න කිව්වා. රෑට අවුරුදු කරද්දී සංතෝසෙන් චිය'ස් පාරක් දාද්දි මටත් ඒ ආතල් එක දැනේවිනේ.

කෙත් වතුයි, ඔන්චිල්ලායි නෑ තමයි. ඒත් අවුරුදු ආතල් එක නැතිවෙන්නෑ.

#Thummulla

- ෂෙනාල් ගුණසේකර -

60 - 3

Shenal Gunasekera
Posted 1 month ago

ලකාගේ ෆිල්ම් එක තමයි ලංකේය සිනමාවේ අපේ ජෙන් එකේ ලොකුම සිනමා සෙලිබ්‍රේෂන් එක. මොකද මේක "වාලම්පුරි" නෙවෙයි. මේක ඇවිල්ලා "ලකාගේ ෆිල්ම් එක". ලංකාවේ මෑත කාලීන ටෙලි පිබිදීම ඇති කරන්න, ලංකාවේ ටෙලි බලන්නෑ කියලා අතෑරලා දාලා තිබ්බ ජෙන් එකක් ලංකාවේ තාමත් හොඳ ටෙලි හැදෙනවා කියලා කන්වින්ස් වෙලා ආපහු අපේ ටෙලියක් බලන තැනට ගේන්න වැඩිම ඉම්පැක්ට් එකක් කළේ ලකා ඩිරෙක්ට් කරපු මැජිකල් වැඩේ, 'කූඹියෝ' ටෙලියෙන්. ටිපිකල් ටෙලියකට එහා ගිය ටීවි සීරීස් ගුණය 'කූඹියෝ' අස්සේ තිබුණා. ඒක ටීවි දැවැන්තයෝ පවා සලිත වුණු කල්ච ෂොක් එකක්. ටෙලියක නමක් ටෑටූ කරගන්න තරමට තමන්ගේ කරගන්න මීට කලින් ලංකාවේ මිනිස්සු පෙළඹෙනවා මම දැකලා නෑ. ලකාගේ 'කූඹියෝ' සහ නාමල් ජයසිංහගේ 'සහෝදරයා' නොහිටින්න අපේ ජෙන් එක මේ වෙද්දී ලංකාවේ ටෙලි අතෑරලා. ටෙලි කරන්න මල් ප්ලොට් පට්ට ගගහ හිටපු කාලෙක දුඹුරු දූවිලි රියැලිටිය රහ කරලා පෙන්නන්න පුළුවන් කියලා පෙන්නලා ලකා ලොකු අයි ඕපනින් වැඩක් සිද්ධ කළා. කොටින්ම සමාජය ජෙහාන්ට වඩා ලකාට ලව් කරන්න ගත්තා. ලකාගේ රීඩිං එකට ලොකු වැලියු එකක් ආවා. ටෙලි අතෑරපු අය ටෙලියට ඇදන් ආවා වගේ, සිනමාව අතෑරපු අපේ ජෙන් එක ආයෙත් ෆිල්ම්හෝල් එකට ඇදන් එන්න ලකාට පුළුවන්කම තියෙනවා. ඒ නිසා, ලකාගේ සිනමාභිෂේකය අපිට රජ මඟුලක්. මේක "ලකාගේ ෆිල්ම් එක".

ඊයේ 'වාලම්පුරි' ප්‍රෙස් ෂෝ එක තිබුණා. මට 'වාලම්පුරි' බලන්න ලැබුණා මීට මාස කිහිපයකට කලින් කරපු ටෙස්ට් ස්ක්‍රීනිං එකකදී. ඒකෙන් පස්සේ චේන්ජස් වුණාද නැද්ද කියලා 25 වෙනිදාටම තමයි බලන්න පුළුවන් වෙන්නේ. මෙච්චර දවස් තනියම හිර කරන් හිටපු දේවල්වලින් ටිකක් විතර දැන් ටයිප් කරන්න පුළුවන්. මේකේ ඉන්නෙත් ගේම්කාරයෙක්. ගැමි ගේම්කාරයෙක්. ගම සහ නගරය අතර ඝට්ටනය, ඇති නැති පරතරය, ඒ ඔස්සේ අපි ඇතුළේ ඉපදෙන ක්ලාස් එකේ ඇරියස් එක, ලකා ජෙහාන්ගෙන් ගෙනාව විදිහටම සිඩ්නිගෙනුත් අපිට ගේනවා. ඒ ගේම්කාර සිඩ්නි එක්ක එකතු වුණු තවත් ගේම්කාර කැරැක්ට'ස් සෙට් එකක් ඉන්නවා. හීන හතහමාරක් මේ කතාව අස්සේ පාවෙනවා. අපිව පැය දෙකහමාරක් තිස්සේ ඒ හීන සහ අපේ හීනවල සමාන අසමානකම් එක්ක ට්‍රිප් එකක් ගෙනියන්න ලකා සමත් වෙනවා.

ජීවත් වීම කියන්නෙම ගේමක්. ඒ ගේම ගහන විදිහ එකිනෙකාගෙන් වෙනස්. මේකත් එක්‍තරා ගේමක් ගැහිල්ලක් ගැන දිගෑරෙන බයිස්කෝප් එකක්. අශාන්, තුමිඳු, අංජන, සරත් සහ වසන්ත මොරගොඩ, අමරණීය දර්ශන් ධර්මරාජ්, දිල්හානි, උදයන්ති ඇතුළු නළු නිළියෝ සියලු දෙනාගේ එකතුව වගේම කැමරාවෙන් පිටිපස්සේ ඉන්න හැමෝගෙම මහන්සියත් අගය කරන්න ඕනේ. මේක ප්‍රියන්ත සිරිකුමාර වසර. ෆිල්ම් එකක මේන් ඇක්ට වෙන්න නං මේන් මේ විදිහ විතරයි හරියන්නේ කියලා හදාගත්ත මෙව්වා එක ප්‍රියන්ත සිරිකුමාර වෙනස් කරමින් ඉන්නවා. චින්තක ලක්මාල් ජයකොඩි ලංකාවට මැච් වෙන සිනමැටික් ස්කෝ හදන්න ලොකු මහන්සියක් වෙනවා. මජියා, දිමුතු, ප්‍රිමාල්, සෙලාර, තරිඳු කාරියවසම්, උදාර මීෂා, බඩේ බත් වගේ එක රැහේ උන් එකතු වෙලා කැමරාව පිටිපස්සේ මරු ගේමක් ගහලා තියෙනවා. හීන වෙනුවෙන් හයිය දෙන්න අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරා බරපැන දරලා තියෙනවා. මේක සෙට් එකක්ම එකතු වෙලා එකට දැකපු හීනයක්.

අන්තිම වෙනකංම සස්පෙන්ස් එක තියාගෙන ඇවිත් අතාරින ෆිල්ම් එකේ එන්ඩිං එකට මං කැමතියි. අපි හැමෝම ඉවර නොවෙන ගේම් සමුදායක කොටස්කාරයෝ.

එහෙනං සුදු පුතාලා හැමෝම අප්‍රේල් 25 ෆිල්ම්හෝල් එකට එන්න ලෑස්ති වෙන්න, ආයෙ ඉතිං "හැමිමනෙන" ෆිල්ම් එකක්. කතා කරන්න ගොඩක් දේවල් තියේවි.

සිනමාරකයන් එළවලා දාන ජෙන් එකෙන් එන 'වාලම්පුරිය' අපේ සිනමාවට වාසනාව ගෙනේවා!

- ෂෙනාල් ගුණසේකර -

#Walampoori

ප.ලි.
ෆිල්ම් එකේ මැදක් හරියෙ එහෙන් මෙහෙන් මං වගේ එකෙකුත් ලාවට ඇවිත් යනවා ඕං.

41 - 3

Shenal Gunasekera
Posted 1 month ago

මං දන්නෑ ඇයි මේ ෆිල්ම් එක ලොකුවට වැඩ නොකළේ කියලා. සමහරවිට මේක රීමේක් එකක් කියන තැන ඉඳගෙන හැමෝම ජජ් කරපු නිසා වෙන්න ඇති. නැත්තං මේකේ ඔරිජිනල් ෆිල්ම් එක වුණු 'Mumbai Police' කලින් බලලා තිබුණු නිසා වෙන්න ඇති. මම ඒක තාම බලලා නැති නිසා මට මේක ආතල් වගේ දැනෙනවත් ඇති. ප්‍රිත්විරාජ් ඉන්න වැඩක් නිසා ඒක එසේ මෙසේ එකක් නෙවෙයි කියන එකත් තේරෙනවා. හැබැයි 2013 රිලීස් වුණු ෆිල්ම් එකකට වඩා 2025 එන ෆිල්ම් එකක් ටෙක්නිකල් කාරණා අතින් තියෙන්නේ ඉස්සරහින් නිසා මේකේ ඔරිජිනල් එකට කම්පෙයා කරලා බලද්දී ටෙක්නිකල් අතින් නං ලොකු ඉම්පෲව්මන්ට් එකක් තියෙන්න ඕන. මසාලා ආතල් එකක් බලාගෙන බලන්න ගත්තු මට නං 'දේවා' සැප ආතල් මසාලා ෆිල්ම් එකක්.

ලස්සන කියුට් අහිංසක පෙනුමක් තියෙන නිසාම ශාහිඩ් කපූර්ව සීරියස් වැඩක දකින එකේ තියෙන්නේ වෙන වයිබ් එකක්. 'දේවා' ඇතුළෙත් මම දකින්නේ 'Udta Punjab', 'Haider', 'Kabir Singh' වගේ කලින් කරපු රෝල්ස් කිහිපයකම එකතුවක් අරගෙන ශාහිඩ් කරපු වැඩක් වගේ. කැරැක්ට' එකේ ඒ ඒ තැන්වලදී එන මූඩ් චේන්ජස් නං ඉතාම ආතල්. හැබැයි තවත් මේ වගේම රවුඩි ඇක්ට් එකක් එක්ක ආයෙත් වෙනම ෆිල්ම් එකක් කළොත් ශාහිඩ්ගෙන් අලුතින් යමක් එන්නැති වේවි. පූජා හෙග්දේ නං කෙල්ලෙක් ඉන්න ඕන නිසා ෆිල්ම් එක ලස්සන කරන්න ඇඩ් කරපු තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ, නමුත් ඒ ඇඩ් කිරීම ඇත්තටම හැඩයි. ක්ලයිමැක්ස් එකෙන් කෑල්ලක් මුලට අතෑරලා මුල ඉඳන් ස්ටෝරිය ගලාගෙන යන සවුත් ඉන්ඩියන් විදිහ රොෂාන් ඇන්ඩෲස් තමන්ගේ හින්දි රීමේක් එකටත් අරගෙන තියෙනවා. ශාහිඩ්ගේ කැරැක්‍ට' එක වුණු දේව්ට තියෙන නහර වැඩි අවංක සාධාරණ පොලිස් ගතිය ෆිල්ම් එක බලන මිනිස්සුන්ට ගේන්නේ අමුතු මොරාල් එකක්. ස්ටන්ට්ස්, කල' ග්‍රේඩ් එක, කතාව යන පේස් එක, මේ හැමදේකම තියෙන්නේ සවුත් ඉන්ඩියන් වයිබ් එක.

සිනමාව අතින් බොලිවුඩය දැන් ඉන්නේ දැවැන්‍ත අතරමං වීමක කියලා මට හිතෙනවා. කොරෝනාවලින් පස්සේ ටැමිල් මලයාලම් තෙලෙගු කන්නඩ ෆිල්ම්ස් කෙටි කාලෙකින් අසීමිත ලෙවල් එකකට රීච් වුණා. බොලිවුඩ් මෙච්චර කල් දිව්ව ස්‍ටාඩම් එකට වඩා දකුණේ ස්ටාඩම් එක දැවැන්තව පේන්න ගත්තා. ඒ ෆිල්ම්ස්වල ප්ලොට් පපුවට ඉතාම ළඟින් දැනෙන්න ගත්තා. ඒ එක්ස්පෝස් වීමත් එක්ක බොලිවුඩයට ඔරිජිනල් බඩු නෑ නේද කියලා රිවීල් වෙන්න ගත්තු එකෙන් බොලිවුඩය එන්න එන්නම ෆේල් වෙමින් තියෙනවා. ඒ නිසා දැන් ප්‍රාන්ත සීමා කතා අතෑරලා සඳලුතලෙන් බැහැලා, ඉන්ඩියන් සිනමා විදිහට එක පවුලක් වගේ නැගිටින්න යන මුවාවෙන් දකුණේ සිනමා ආතල් එක තුත්තිරි ගහක් විදිහට යූස් කරගෙන පණ බේරගන්න බොලිවුඩයට සිද්ධ වෙලා තියෙනවා. දකුණත් එක්ක කලෑබ් වෙනවා. ඒ අයගේ ෆිල්ම්ස් වැඩිපුර හින්දියෙන් රීමේක් කරනවා. මං ප'සනලි හිතන්නේ බොලිවුඩය ටැමිල් වයිබ් එක පස්සේ දුවන්නේ නැතුව තමන්ට සුපුරුදු ආදරණීය අප්‍රෝච් එක, රොමෑන්ස් කතන්දර ලස්සනට දෙන්නේ කොහොමද කියන එක ක්‍රැක් කරගත්තා නං නියම ෆිල්ම්ස් හදන්න ඕනතරම් ඉඩකඩ තියෙනවා කියලා. දැන් හැමෝම රවුඩි පිරිමින්ව පෙන්නන්න ගිහින් සිනමාවේ ලස්සන කලාප මිස් වෙනවා නේද කියලත් වෙලාවකට හිතෙනවා.

"ඔයාට කාණුවක් අස්සේ ඉන්න මිනිහෙක්ව එළියට ඇදලා ගන්න පුළුවන්, ඒත් මිනිහෙක්ගේ අස්සේ තියෙන කාණුව එළියට ඇදලා ගන්න බෑ" කියන වදන නං සිරාවට දැනෙනවා. ඒක හරියට අපි කූඩැල්ලාව මෙට්ටෙ තියන්න බෑ කියන කතාව වැඩිවිය පැමිණුනාට පස්සේ හැඩ වෙලා ආව වදනක් වගේ. සමහර තැන්වලදී මිනිස්සුන්ගේ ජීවිතේ ගන්න එක එක ඩිසිෂන්ස්වල දිග පළල, නීතියෙන් වැරදි වුණාට ජීවිතෙන් සාධාරණීකරණය වෙන තැන් තියෙනවා. මිනිස්සුන්ට සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්න ඕන තැන් තියෙනවා නැති තැන් තියෙනවා. තමන්ට තමන්ව නැතිවෙන්න යනවා කියලා දැනුණහම දුරදිග නොහිතා ඩිසිෂන්ස් අරගෙන පස්සේ පසුතැවෙනවා, පිස්සු හැදෙනවා. දේවා එන්ඩිං එක, ඒ ප්ලොට් ට්විස්ට් එක මම එක්ස්පෙක්ට් කළේ නෑ. මුල ඉඳන්ම කල්පනාවෙන් බලාගෙන හිටියේ මේ වගේ ෆිල්ම්ස් බලලා තියෙන නිසාම, මෙන්න මෙයා නේද ගේම ගහනවා ඇත්තේ කියලා නෝට් කරගෙන. ඒත් නොහිතන තැනකින් එන ප්ලොට් ට්විස්ට් එක මරු. පස්සේ මං වැඩිපුර හොයලා බලද්දී දැනගත්තේ 'මුම්බායි පලීස්' ෆිල්ම් එකේදී එන්ඩ් එකට මුල් වෙන කාරණේ තරමක් වෙනස් කරලා තියෙනවා කියලා. ඒක රිලීස් වුණු කාලේ එහෙම හේතුවක් බේස් කරගෙන ෆිල්ම් එකක් රිලීස් වෙනවා කියන්නෙත් ලොකු චැලෙන්ජ් එකක්. ඒ හේතුව මං ස්පොයිල් කරන්නේ නෑ.

'චල්... චල්... පටක් ධූන් මාර්' ට්‍රැක් එක නං මැරයෙක් මට්ටු කරන්න එන හීරෝ එන්‍ට්‍රියකට සුපිරි. හෝල් එකේ නොබැලුවේ අපරාදේ කියලා හිතුණු, නෝමල් හැබැයි මරු මසාලා ආතල් ෆිල්ම් එකක්. පාට් ටූ එකක් ගහන්නත් බැරි නෑ.

#Deva #Dahayaamaara

-  ෂෙනාල් ගුණසේකර -

33 - 0

Shenal Gunasekera
Posted 2 months ago

මිහිඳුගේ 'චකිතය' රිලීස් වෙලා අවුරුදු 15ක්. ඒක සෙලිබ්‍රේට් කරන්න සෙනසුරාදා උදෙන්ම අපි ඇතුල්කෝට්ටේ බැරිස්ටා එකට එකතු වුණා. ෆෑන්ස්ලා එකතු වෙලා, සිංදු කියලා, පොඩි බ්‍රෙක්ෆස්ට් එකක් අරගෙන, මිහිඳුගේ මියුසික් ජ'නි එක පත්තු වුණු අයිකොනික් සිංදුව සතුටින් සෙලිබ්‍රේට් කළා.

මීට අවුරුදු 14කට කලින්, නුවර ධර්මරාජේ සයන්ස් සෙක්ෂන් එකේ පන්තියක් ඇතුළේ දිග ඇරුණා ලැප්ටොප් එකක්. අපි සයන්ස් ඩේ එකක් කරන්න හැදුවා, ඒකේ ප්ලෑනිං කරන්න තමයි ලැප්ටොප් භාවිතය ආවේ. දැන් තරම් ටෙක් සැවී නැති කාලයක්. සයන්ස් ඩේ එකේ පෆෝම් කරන්න සිංදුවක් හොයද්දී ඒ ලැප්ටොප් එකෙන් එළියට ආවේ මීට කලින් ලංකාවේ ඇහිලා නැති රේන්ජ් එකක රොක් නාදයක්. කන්ටේන' යාඩ් එකක කන්ටේන'ස් වට කරගෙන උඩ නැගගෙන, ඒ යකඩ ගොඩ දෙදරන්න රළු රෞද්‍ර රොක් සද්දයක් විදින්න ගත්ත කොල්ලාව දැකලා "අම්මටසිරි කවුද යකඩෝ මූ" වගේ වදනක් මට ඉබේටම කියවුණා. සයන්ස් ඩේ එක සිද්ධ වුණේ නෑ. ඒත් ඊට අවුරුදු කිහිපයකට පස්සේ ඒ රොක් නාදය දීපු හාදයා මගේ ප්‍රාණසම මිත්‍රයෙක් සහ නෑදෑ නොවුණත් නෑ බෑ නොකියන තරම් සමීප සහෝදරයෙක් වුණා. ඒ තමයි මිහිඳු.

'චකිතය' කියන්නේ ඇත්තටම ලංකාවේ මියුසික් වාතාශ්‍රය චකිතයට පත් කරපු වැඩක්. අපේ බහුතර සංගීත සද්ද හරි සුමටයි, සෞම්‍යයි, නෙලුම් පොකුණේ වෙල්වට් ක'ට්න් තරම් සනීපයි. බී එම් අයි සී එච් බිත්තිවල ගෑවී නොගෑවී යන තරම් සිනිඳුයි. මේ සිනිඳු මියුසික් බිහේවිය' එක මැද්දට රොක් සිංදුවක් පාත් වෙනවා කියන්නේ කෙළින්ම හුළඟක් හෙල්ලෙන්නැති මිටියාවතක් මැදට නියුක්ලිය' බෝම්බ අතහැරීමක්. කර්ණ පටහ පටල පිපිරෙන නාදයක්. නෙමසිස් බෑන්ඩ් එකත් එක්ක මිහිඳු මේ පුපුරුවා හැරීම සිද්ධ කළේ සනීප ජෝන්‍ර විතරක් නෙවෙයි අනිත් පැතිත් අපිට මියුසික්වලින් ටච් කරන්න පුළුවන් කියන ඇස් කන් ඇරීමත් එක්ක.

මිහිඳු ආරියරත්න මිලේනියල් ලංකාවේ රොක් අයිකන් එකක්. පව'ෆුල් පිරිමි හඬවල් අඩු කාලෙක මතු වුණු යුනීක් වොයිස් එකක්. 'චකිතය', 'යන තැනක', 'මිසිස් පෙරේරා', 'යාත්‍රිකයා', 'අනාවැකියක්', 'කන්‍යාවී', 'වෙස්' තීම් සෝංග් එක, 'භවයෙන් භවේ', 'නම නොදන්න මාගේ දුවණී' වගේ රොක්ම පමණක් නොවන සිංදුත් එක්ක ලස්සන ගමනක් ආව, ඉස්සරහටත් ඒ ගමන යමින් ඉන්න දක්ෂයෙක්. 'චකිතය' සිංදුව තරම් වයස දරුවොත් අද මිහිඳුගේ ෆෑන්ස්ලා වෙලා 'චකිතය' ඇනිවසරිය සෙලිබ්‍රේට් කරන්න උදේ ඇවිත් හිටියා. අපි වයසයි ද, නැත්තන් තාමත් තරුණයි ද කියලා ඒ වෙලාවේ හිතෙන්න ගත්තත්, පස්සේ හිතුණේ මියුසික්වලට ඉතිං මොන වයසක් ද, සප්ත ස්වරය සදාකාලිකයි නේද කියලා.

සහෝදරයාගේ සෙලිබ්‍රේෂන් එක මට ගෙනාවේ සතුටු සැටඩේ උදෑසනක්.

ඔබ නිමැවූ සිහිනේ නොබිඳී ඉදිරියටම යන්න ලැබේවා, ‪@MihinduAriyaratne‬!

#15YearsOfChakithaya

- ෂෙනාල් ගුණසේකර -

43 - 0

Shenal Gunasekera
Posted 2 months ago

චරිත්ගේ යූටියුබ් දියුණුව සහ ඩයමන්ඩ් දිනුම රටක් වශයෙන් සෙලිබ්‍රේට් කිරීම හරි ලස්සනයි. උයන පිහන දේවලින් දිව පිනවන්න කලින් ඉස්සෙල්ලම පිනවන්න ඕනේ ඇස කියන දේ චරිත් කලින්ම අල්ලගත්තා. ආටිස්ටික් ඉවිල්ල, ලස්සන එඩිට් එක, සරල අප්‍රෝච් එක සහ ප්ලසන්ට් පෙනුම, මේ හැමදේම මික්ස් වෙලා අපිව පිනවන රෙසිපි අසපුවක් චරිත් හැදුවා.

කෑම කියන්නේ ග්ලෝබල් සෙග්මන්ට් එකක්. කල'ෆුල් කලාවක්. කල්චරල් කලාවක්. කල් ඉකුත් නොවන කලාවක්. ශරීරස්කන්ධය නිරෝගීව තියෙන ඕන ප්‍රාණියෙක් ලෝකෙ වටේම තියෙන කෑම ගැන උනන්දුයි. කෑම තමයි ඕන මනුස්සයෙක්ගේ හිතට රිංගන්න පුළුවන් ඕපනිං එක. ඒක තමයි චරිත්ගේ රස රහස. ලෝකෙට ඕපන් වෙන්න කොච්චර නං ඇවනිව්ස් තියෙනවද කියන එක චරිත් අපිට පෙන්නලා තියෙනවා. තේ පොල් රබර් අච්චු පොත් භවභෝග ඇරුණහම ලංකාවෙන් එක්ස්පෝට් කරන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි කෑම. එහෙමයි කියලා හෙට ඉඳන් අනේ මමත් උයන චැනල් එකක් පටන් ගන්න් ඕනේ මේ වගේ කියලා හිතෙනවා නං, ඔව්, උයන්න පටන් ගන්න, ඒත් මේ වගේ නොවී අලුත් විදිහකින්.

මං ඉතාම ආසාවෙන් උනන්දුවෙන් බලන් ඉන්නේ චරිත් මිලියන විසි දෙක පන්නන දවස එනකං.
එදාට වයිල්ඩ් කුක්බුක් කියන්නේ මේ මහපොළොවේ මහජන පරිමාවටත් වඩා දැවැන්ත කලාපයක්.
ලංකාවෙන් බිහිවුණු ඩිජිටල් රටක්.

ජයම පමණයි, ‪@WildCookbook‬!

- ෂෙනාල් ගුණසේකර -

216 - 6

Shenal Gunasekera
Posted 2 months ago

ඊයෙ රෑ ටොප් ගන් මැව්‍රික් බැලුවා ස්කෝප් අයිමැක්ස් එකේ. හෝල් එකේ ටොප් ගන් මැව්‍රික් බලන හයවෙනි පාර. ඒ කියන්නේ ආව දවස්වල පස්පාරක් හෝල් එකේ විතරක් බැලුවා. ඒ තරම් මං මාර ආස වැඩක්. අයිමැක්ස් වගේ එක්ස්පීරියන්ස් එකක් උපරිමෙන්ම ගන්න නියමෙටම මැච් වෙන ෆිල්ම් එකක් තමයි ටොප් ගන් මැව්‍රික්. ආයෙ ඉතිං ඇස් පිරෙන්න ටොම් කෲස් දිහා බලන් හිටියා. අවුරුදු තිස් හතරකට පස්සේ පාට් ටූ එක ගහද්දී දෙන්න පුළුවන් උපරිම ට්‍රීට්මන්ට් එක හොඳ බජට් එකක් යට කරලා කරලා තියෙනවා සහ ඒක හම්බකරගන්නත් පුළුවන් වුණා පළවෙනි රන් එකේදී.

ඒවියේෂන්වලට ආදරේ කරන කෙනෙක්ට ටොප් ගන් කියන්නේ ආගමක්. අසූ හයේදී ඉස්සෙල්ලම ටොප් ගන් ආවම කොල්ලෝ කොච්චර කික් වෙලා තියෙනවද කියනවා නං අන්තිමට ෆිල්ම්හෝල්වල එළියේ වෙනම ටේබල් දාන්න ඇමරිකන් නේවි එකට සිද්ධ වුණාලු, ෆිල්ම් බලලා එන කොල්ලෝ කෙළින්ම ඇවිත් පයිලට් ට්‍රේනිංවලට රෙජිස්ට' වෙන්න අහන නිසා. නිර්මාණයකට සමාජයක් ඇතුළේ මොනතරම් ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් ද කියන එක මේකෙන් තේරෙනවා. මට මතකයි 'The Queen's Gambit' ලිමිටඩ් සීරීස් එක ආව ගමන් ලෝකෙ පුරා චෙස් පිස්සුවක් හැදුණා. ඒ අවුරුද්දේ වැඩිම ගූග්ල් ස'ච් කරපුවා අතරේ "How to play chess" කියන ස'ච් එක උඩින්ම තිබ්බා. නිර්මාණයකින් සමාජයට කරන්න පුළුවන් ඉම්පැක්ට් එක. ටොම් කෲස් කවුරුත් නොකරපු විදිහට අභ්‍යවකාශයට ගිහින් ඇක්ෂන් කට් ගාන්න නාසා එකත් එක්ක එකතු වෙලා වැඩක් කරන්න ඉන්නවා කියලා ආරංචියක් ආවා. නාසා එකෙන් මේ වැඩේ කරන්නේ අලුතින් ඇස්ට්‍රනෝට්ස්ලා විදිහට කොල්ලෝ කෙල්ලෝ එන එක අඩු වෙලා තියෙන නිසා ඒ ගැන අලුත් ජෙන් එක අතරේ ලව් එකක් ඇති කරන්න. මේ අවුරුද්දේ එෆ් වන් හැත්තෑපස්වෙනි ඇනිවසරිය ලොකුවටම සෙලිබ්‍රේට් කරන්න ඉන්නේ ඩොල' මිලියන තුන්සීයක් යට කරලා හදන, මේ අවුරුද්දේම රිලීස් වෙන 'F1' ෆිල්ම් එකෙන්. දැන් එෆ් වන් රේසිංවලට අලුත් පිබිදීමක් ෆොලොවිං එකක් හැදීගෙන එනවා. ෆිල්ම් එකෙන් ඒකට ලොකු බූස්ට් එකක් ඒවි. ඒක ඩිරෙක්ට් කරන්නෙත් මැව්‍රික් ඩිරෙක්ට් කරපු ජෝසෆ් ක්‍රොසිංස්කිම තමයි. ඒ නිසා එෆ් වන් ට්‍රේල' එකේ රේසිං ෂොට්ස් ගොඩක් මැව්‍රික් එකේ ජෙට් ෂොට් වගේමයි. ඇත්තමයි ටොප් ගන් ෆිල්ම්ස් බලද්දී අනේ මෙහෙම ෆයිට ජෙට් එකක් එළවන්න තියෙනවා නං කියලා ඕන කෙනෙක්ට හිතෙන්න ගන්නවා. ප'සනල් ලයිෆ් එකේ එක්තරා කාලෙක මං මේ දේවල් ගැන පරතෙරට ඉගෙනගත්තා. දැන් ඉන්නේ වෙන ෆීල්ඩ් එකක වුණත් තාමත් ප්ලේන් සබ්ජෙක්ට් එකට වෙන් වුණු දැවැන්ත ආසාවක් හිත අස්සේ පියාඹනවා. ඩා වින්චි කියලා තියෙනවා ඔයාට ඉගිලෙන එකේ තියෙන රහ එක සැරයක් දැනුණොත් එදාට පස්සේ ආයෙ පොළොවේ ඇවිදින්නෙත් අහස දිහා බලාගෙනමයි, ආයෙ කවදා නං ඉගිලෙන්න ලැබෙයි ද කියන බලාපොරොත්තුව ගැන හිත හිත කියලා. මනුස්සයෙක්ට ලැබෙන්න පුළුවන් ලස්සනම සුප'පව' එක විදිහට මං හිතන්නේ ඉගිළෙන එක. රයිට් සහෝදරයන්ට පිං සිද්ධ වෙන්න ඒක ඇත්තක් වෙලා අද හිතාගන්න බැරි ලෙවල් එකකට දියුණු වෙලා තියෙන්නේ. ඉගිලීමේ මැජික් එක සිනමැටික් විදිහට පෙන්නන්න සහ ග්‍රැෆික් අඩුවෙන්, රියල් එක වැඩියෙන් පෙන්නන්න ටොප් ගන් මැව්‍රික් දැවැන්ත එෆ'ට් එකක් දරලා තියෙනවා.

ටොම් කෲස් දැන් ඉන්නේ තමන්ගේ වයසට දරාගන්න බැරි ලෙවල් එකේ ස්ටන්ට්ස් තමන් විසින්ම කරන ඇක්ට' කෙනෙක් විදිහට. හොලිවුඩ්වල ස්ටා වැලියු එකක් තියෙන අන්තිම ඇක්ට' ටොම් කෲස් කියලයි මිනිස්සු දැන් කියන්නේ. ඇක්ටිං නෙවෙයි, ස්ටා වැලියු එක. ජෙට් පයිලට් කෙනෙක් වෙන්න ලේසි නෑ. දරාගන්න බැරි ප්‍රෙෂ' ලෙවල්ස් එක්ක, චූටි ඉඩක වාඩිවෙලා, තප්පරෙන් දශම ගාණෙන් ක්ෂණික ඩිසිෂන් ගන්න ඕන කරන ඒ ගනුදෙනුව,  සාමාන්‍ය ඇඟකට මොනම විදිහකින්වත් ඔරොත්තු දෙන ජොබ් එකක් නෙවෙයි. ටොම් කෲස්ට මේක කරන්න මෙච්චර නහින්න ඕන නෑ. නමුත් මේවට නහින්න ඕන්නැති කාලේ ටෙක්නලොජි අඩු කරලා වැඩේ රියලිස්ටික් කිරීමෙන් තමයි ඕවරෝල් වැඩේට පට්ට වැලියු එකක් ඇවිත් තියෙන්නේ. වැඩ්ඩෙක්.

මැව්‍රික් එකේ ටොම් ඇත්තටම එළවන්නේ අන්තිමට ඉවරවෙද්දී පදින ප්ලේන් එක විතරයි. ෆයිට ජෙට් සීන්ස් ඔක්කොගේම ටොම් සහ අනිත් පයිලට් කෲ එක ඉන්නේ පිටිපස්සේ සීට්ස්වල, ඉස්සරහින් ඉන්න ප්‍රොෆෙෂනල් පයිලට්ස්ලා තමයි එළවන්නේ, පස්සේ ග්‍රැෆික්ස්වලින් තටු පිටිපස්සට කරලා මැච් කරලා තමයි බැලන්ස් කරන්නේ. ටොම් කෲස්ට ජෙට් එළවන්න බැරුව නෙවෙයි, ඒත් රිස්ක් එකක් ගන්න බැරි නිසා. එහෙමයි කියලා ඒ එෆ'ට් එක බාල්දු කරන්න බෑ. ප'ෆෙක්ට් වැඩක් කරන්න අරගත්තු වෙහෙස ලස්සනයි. අයිමැක්ස් ග්‍රේඩ් එකේ චූටි කැමරා හයක් කොක්පිට් එක අස්සට එක එක ඈන්ගල්ස්වලින් දාලා, තටුවලට ෆිට් කරලා, ඒරියල් සිනමටෝග්‍රෆි නං නෙක්‍ස්ට් ලෙවල්. පොඩි එකෙක් ප්ලේන් එකක් යනවා දැක්කම දැනෙන ආතල් එක කෙසේද, ඒ ආතල් එකම අයිමැක්ස් එකේ මට ඊයේ දැනුණා. හාන්ස් සිම'ගේ බැක්ග්‍රවුන්ඩ් ස්කෝ එකත් ආවම ඉතිං කම්ප්ලීට්.

මට නං තව විසිපාරක් වුණත් බලන්න පුළුවන්, ඒ තරං රහයි.

- ෂෙනාල් ගුණසේකර -

35 - 4