Channel Avatar

Rupavahini News @[email protected]

405K subscribers - no pronouns :c

More from this channel (soon)


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Rupavahini News
Posted 4 days ago

පසුගිය දිනක ලොරි රථයක ගැටී දළයක් කැඩී ගිය සුමේධ නැමති හස්ථියා මිනනේරිය ජාතික උද්‍යානයට පැමිණ ඇති බව වාර්තා වනවා.
මාස කිහිපයකට පෙර මරදන්කඩවල හබරණ මාර්ගයේදී ලොරි රථයක ගැටීමෙන් ඇතාගේ දකුණු දළය කැඩී ගියා.
ඇතා සෙවීම සඳහා වනජීවී කණ්ඩායම් දින ගණනාවක් මෙහෙයුම් සිදු කළ අතර ඇතා හමුවූ බවට ප්‍රකාශ කෙරුනත් කිසිඳු ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය වෙත මුදා හැරුණේ නැහැ.
අනතුරින් මාස කිහිපයකට පසුවයි අද මින්නේරිය ජාතික උද්‍යානයට ඇතා පැමිණ ඇත්තේ.
ඡායාරූප - පියුමාල් ප්‍රදීප්
#SLRC #RupavahiniNews #Rupavahini

2.3K - 38

Rupavahini News
Posted 2 weeks ago

26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ අද සමත් වුණා.


ඒ, එහි මූලික වටයේ තරග සඳහා සහභාගි වෙමින්.


තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ "ගුමී" හිදී.


රුමේෂ් තරංග මූලික වටයේ පළමු උත්සාහයේදීම මීටර 83.71 ක දක්‍ෂතාවක් දක්වමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.


සුමේධ රණසිංහ දැක්වූ දක්‍ෂතාව, මීටර 81.33 ක්. ඒ අනුව ඔහු ද අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.


මූලික වටයේ දක්‍ෂතා අනුව රුමේෂ් තරංග දෙවන ස්ථානයේ පසුවන අතර සුමේධ රණසිංහට සිව්වන ස්ථානය හිමිව තිබෙනවා.


#SLRC #RupavahiniNews #Rupavahini

443 - 4

Rupavahini News
Posted 2 weeks ago

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අසනීප ත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස එතුමා කටයුතු කරනු ලැබුවා.

#SLRC #RupavahiniNews #Rupavahini

3.8K - 139

Rupavahini News
Posted 2 weeks ago

ජගත් පරිසර දිනයට සමගාමීව නම් කෙරුණු ජාතික පරිසර සතිය අද (30) සිට ආරම්භ වනවා.

”ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” ලෙස අද (30) දිනය ජාතික පරිසර සතියේ ආරම්භය සනිටුහන් කරනවා.

ඊට අදාළ ජාතික වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සැලසුම් කර ඇති අතර පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඈන්ටන් ජයකොඩි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේදී අද පෙරවරු 9.30 ට මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිතයි.

ජාතික ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජාතික වැඩසටහනක් සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙනවා.

”ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය අවසන් කරමු” හවුල් කරුවන් සහ කොටස් කරුවන් ජාතික ප්ලාස්ටික් ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීම වැඩසටහනේදී සිදු කෙරෙනවා.

#SLRC #RupavahiniNews #Rupavahini

1.2K - 8

Rupavahini News
Posted 2 weeks ago

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඊයේ (29) රාත්‍රියේ මෙම මාර්යට ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබුණා.

#SLRC #RupavahiniNews #Rupavahini

149 - 1

Rupavahini News
Posted 2 weeks ago

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති වෙයි.

#SLRC #RupavahiniNews #Rupavahini

176 - 0

Rupavahini News
Posted 3 weeks ago

ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්, පංජාබ් කින්ග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමත්වුණා.

මුම්බායි ඉන්දියන්ස් ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කළේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුනේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවි ලකුණු 180 ක් රැස් කළා.

සූර්ය කුමාර් යාදෙව් පන්දු 43 කදි නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 73 ක්. ඊට හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත්.

තිලක් වර්මා ලකුණු 27 යි.පන්දු යැවීමේදි මුකේෂ් කුමාර් කඩුලු 2 ක් දවාගත්තා.

දුෂ්මන්ත චමීර එක් කඩුල්ලයි. පිළිතුරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු දෙකකදි සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවු‍ණේ ලකුණු 121 ක් පමණයි.

වැඩිම ලකුණු ලාභියා වු සමීර් රිස්වි ලකුණු 39 යි.

පන්දු යැවිමේදි මිචෙල් සැන්ට්නර් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් දවාගත්තා.

තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 59 කින්.

#SLRC #RupavahiniNews #Rupavahini

327 - 3

Rupavahini News
Posted 3 weeks ago

ඊශ්‍රායලය සමඟ නව නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා අත්හිටුවන බව එක්සත් රාජධානිය පවසනවා.

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීනුවන් මිය යාම සහ එහි සාගත තත්වය දරුණුවීම ඊට හේතුවයි.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී, එරට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ, ඊශ්‍රායල හමුදාව, ගසා තීරයට පැමිණෙන මානුෂීය ආධාර අවහිර කිරීම දැඩි ලෙස හෙලා දකින බවයි.

ඊශ්‍රායලයේ මෙම ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් පලස්තීන බටහිර ඉවුරේ වාසය කරන නීතිවිරෝධී ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ මුරපොලවල් සඳහා නව සම්බාධක පනවන බව එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා අවධාරණය කළා.

මේ අතර, ගාසා තිරයේ මානුෂිය අර්බුධය පිළිබඳව කරුණු දැක්වීමට එක්සත් රාජධානියේ ඊශ්‍රායල තානාපතිවරයා එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය වෙත කැඳවා තිබෙනවා.

යුරෝපා සංගමය, ඊශ්‍රායලය සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුම නැවත සමාලෝචනය කරන බව ද එම කාර්යාලය නිවේදන කළා.
ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් දුක්විඳින දරුවන් පිළිබඳව තමා දැඩි කම්පාවට පත්ව ඇති බව එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාර්ම පවසනවා.

එබැවින් වහාම සටන් විරාමයකට එළඹෙන ලෙසයි ඔහු හමාස් සංවිධානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින්නේ.

ගාසා තිරයේ යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති මානුෂීය අරබුදය තවත් දරුණු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ අනතුරු අඟවා තිබුණේ ඊශ්‍රායල හමුදාව මානුෂීය ආධාර තවදුරටත් නතර කර තිබීමෙන් ළදරුවන් 14000ක් සාගතය හේතුවෙන් පැය 48 කාලයක් ඇතුලත මිය යන බවයි.

#SLRC #RupavahiniNews #Rupavahini

213 - 49

Rupavahini News
Posted 3 weeks ago

ඊයේ (20) දහවල් මිරිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අවස්ථා දෙකකදී දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබෙනවා.

වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර හා පොලිස් කොස්තාපල් 105268 සිසිර යන නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රථිකාර ලබා දී ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 31 ක් වන බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 20 ක් වන ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවක්.

#SLRC #RupavahiniNews #Rupavahini

3.9K - 47

Rupavahini News
Posted 3 weeks ago

2009 වසරේ වවුනියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වි සිටි සැකකරුවකු වන සිවනාදන් ප්‍රේමනාත් නොහොත් නෙඩුවරන් නමැත්තා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේය.


එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්හ.

2009 වසරේ අප්‍රේල් මස 20 වනදා වවුනියාවේදී සුල්තාන් මොහිදින් බාවා නමැති වෛද්‍යවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව වවුනියාව මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කළේය.

එම මරණීය දණ්ඩනයට එරෙහිව විත්තිකරු අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට එරෙහිව මහාධිකරණයේදී පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව සඳහන් කළහ.

ඒ අනුව මෙම විත්තිකරු නිදහස් කරන බවත් අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් සඳහන් කළේය.

#SLRC #RupavahiniNews #Rupavahini

195 - 26