Channel Avatar

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම @[email protected]

6K subscribers - no pronouns :c

More from this channel (soon)


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
Posted 1 month ago

*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
°•° *උතුම් තෙරුවන් සරනයි* °•°
*ලැබුවාවූ අද දිනය ඔබට යහපතක්ම වේවා!!! දස දිසාවේම සකලවිධ ලෝක සත්වයෝම සුවසේ ජීවත් වීමට හැකියාව අති වී භය හැක දුරු වී නිදුක් නිරෝගි සුවය ලැබී දීර්ඝායුෂ භූක්ති විදිමට හේතු වාසනා වේවා කියලා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!*
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
දහසක් බොසතුන් බුදවන පිංවන්ත හිමිදිරි උදැසනෙ ශාන්ත වූද පිවිතුරු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් ......!!
සියලුම සත්වයෝ නිදුක් වෙම්වා!!! ..නිරෝගී වෙම්වා!!! ..සුවපත් වෙම්වා!!!
නිදුක් වෙම්වා!!! ..නිරෝගී වෙම්වා!!! ..සුවපත් වෙම්වා!!!
නිදුක් වෙම්වා!!! ..නිරෝගී වෙම්වා!!! ..සුවපත් වෙම්වා!!!

ඔබ නිදුක් වේවා!!! ..නිරෝගී වේවා!!! ..සුවපත් වේවා!!!
ඔබේ හිතේ තිබෙන දුක් ගිනි නිවේවා!!!
ඔබේ හිතේ තිබෙන වේදනාවන් දුරු වේවා!!!
ඔබේ හිතේ තිබෙන පසුතැවීම් දුරු වේවා!!!
ඔබට තිබෙන කරදර දුරු වේවා!!!
ඔබට තිබෙන පීඩාවන් දුරු වේවා!!!
ඔබට තිබෙන ලෙඩ රෝග දුරු වේවා!!!
ඔබේ සිතේ තිබෙන බියක් වේද ඒ බිය දුරුවේවා!!!
ඔබේ සිතේ තිබෙන තැතිගැනීමක් වේද ඒ තැතිගැනීම දුරුවේවා!!!
ඔබ අසත්පුරුෂ ආශ්‍රයෙන් මිදේවා!!!
ඔබ අකමැති දේ ඔබට දකින්නට සිදු නොවේවා!!!
ඔබ අකමැති දේ ඔබට අසන්නට සිදු නොවේවා!!!
ඔබ වඩන ධර්ම මාර්ගයක් වේ නම් ඒ මාර්ගය සුවසේම වැඩේවා!!!
මගේ සිතේ මෙන් ඔබේ සිතේද මෛත්‍රීය වැඩේවා!!!
මා මෙන්ම ඔබද ධර්මය ප්‍රිය කරත්වා!!!
මා මෙන්ම ඔබද කුසල් මතු කරන පංච ශීලය ආරක්ෂා කරත්වා!!!
මා මෙන්ම ඔබද නිවන් මාර්ගය නම් වූ ධර්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරත්වා!!!
මේ උතුම් ධර්මය නිසා මා යම් ලෞකික සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!
මේ උතුම් ධර්මය නිසා මා යම් ලෝකෝත්තර සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!
මේ උතුම් ධර්මය නිසා මා යම් මෛත්‍රී වැඩීමේ සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!
මා වින්ඳා වූ යම් සැප වේදනාවක් වේද , මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!
මා වින්ඳා වූ යම් දුක් වේදනාවක් වේද , නිවන් දකින තුරු ඔබට ඒ දුක් වේදනාවන් නොලැබේවා!!!
ඔබේ පිටුපස යම් සංසාරික අකුසලයක් වේද ඒ අකුසල් ඔබේ කුසල් වලින් යටපත් වේවා!!!
ඔබේ පිටුපස යම් සංසාරික අකුසලයක් වේද ඒ අකුසල් දුරින්ම දුරු වේවා!!!
ඔබේ සංසාරික පින් මතුවේවා!!!
ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටු වේවා!!!
ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම සඵල වේවා!!!
ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා!!!
ඔබ සතුටට පත්වේවා!!!

ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත මහා කරුණාවෙන් ඔබට යහපතක්ම වේවා!!!
ලොවුතුරා භාග්‍යවත් වූ අරිහත් වූ
බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත පාරමිතා බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!
ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත ප්‍රඥා බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!
ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත සෘධි බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!
ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අනන්ත අපරිමිත ගුණ බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!

සියලු කුසල් ඔබ තුලින් මතු වී මේ ජීවිතයේදීම උතුම් මාර්ගඵල අවබෝධ වේවා!!!
උතුම් වූ ප්‍රණීත වූ පරම ශාන්ත වූ උතුම් නිර්වාණය ම ලැබේවා!!!
සුබ උදැසනක් වෙවා!!! වාසනාවන්ත දිනයක් වෙවා!!!
🪷🪷🪷🪷🪷🪷🪷🪷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🪷🪷🪷🪷🪷🪷🪷🪷
මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය
පට්ඨාන සජ්ඣායනාව සමූහය
විශ්ව අරණ සුවසේවා
නිර්මාතෘ: ඊ. ඒ. සනත් කුමාර
🪷🪷🪷🪷🪷🪷🪷🪷

8 - 1

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
Posted 1 month ago

*පටිච්ච සමුප්පාද විවරණය 01*
නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චතුරසඞ්ඛ්‍යකල්ප ලක්‍ෂසඞ්ඛ්‍යාතාතිදීර්ඝ කාලය මුළුල්ලෙහි පිරූ සමතිස් පෙරුම් දහම් බෙලෙන් ශ්‍රී මහා බෝධිදෘම මූලයේ දී, ශීල නමැති පෘථිවියෙහි වීර්‍ය්‍ය නමැති පාදයුග්මයෙන් සිට, සමාධි නමැති ශීලාතලයෙහි මුවහත් කරන ලද කර්මක්ෂයකරඥාන නමැති පොරොව ශ්‍ර‍ද්ධා නමැති අතින් ගෙන අතීතාදි කාලත්‍ර‍යක් හා අවිද්‍යාදි ද්වාදශාඞ්ගයක් හා, විංශත්‍යාකාරයක් හා සන්ධිත්‍ර‍යක් හා සතර රාශියක් හා ත්‍රිවෘත්තයක් හා මූලද්වයක් ද ඇත්තා වූ ප්‍ර‍තීත්‍යසමුත්පාද සඞ්ඛ්‍යාත අනාදිකාලප්‍ර‍වෘත්ත සංසාරචක්‍ර‍ය සිඳ සර්‍වඥ පද ප්‍රාප්ත වූ, මාගේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ ශ්‍රී පාදයුග්මය අතිශය භක්තියෙන් හා ගෞරවයෙන් වැඳ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත පරම ගම්භීර ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්‍මය සසර දුකින් මිදී නිවන් සුවය ලබනු රිසි ධර්‍ම කාමී සත්පුරුෂ ජනයාට නිවන් මඟ දක්වනු පිණිස මාගේ නැණ පමණින් හෙළ බසින් වර්ණනා කරනු ලැබේ. ආදරයෙන් මෙය කියවා ගම්භීර ධර්මය තේරුම් ගෙන නිවන් පසක් කිරීමට උත්සාහ කෙරෙත්වා!!

*පටිච්චසමුප්පාද පාළිය*

“අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණං සෝක පරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.”
මේ විභංග ප්‍ර‍කරණයේ පටිච්චසමුප්පාද විභංගයේ එන අනේක ප්‍ර‍කාර ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනයන් අතුරෙන් පළමු වන ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනය ය. මේ ගම්භීර ධර්මය දැන ගනු කැමතියන් විසින් පළමු කොට මේ පාඨය පාඩම් කරගෙන ඉදිරියට පොත කියවිය යුතු ය. එහි තේරුම මෙසේ ය:-
අවිද්‍යා නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගනිති.
සංස්කාරයන් නිසා විඥානය හට ගනී,
විඥානය නිසා නාමරූපය හටගනී,
නාමරූපය නිසා ෂඩායතනය හටගනී,
ෂඩායතනය නිසා ස්පර්ශය හටගනී,
ස්පර්ශය නිසා වේදනාව හටගනී,
වේදනාව නිසා තෘෂ්ණාව හටගනී,
තෘෂ්ණාව නිසා උපාදානය හටගනී,
උපාදානය නිසා භවය හටගනී,
භවය නිසා ජාතිය වේ,
ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්ස්‍ය, උපායාසයෝ වෙති.
මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ පහළ වීම වේ.

*පටිච්චසමුප්පාද යන්නෙහි තේරුම*

ගින්න නිසා දුම ඇති වන්නාක් මෙන් ද ගත නිසා ගෙඩිය ඇති වන්නාක් මෙන් ද තමා නිසා පෙර නො තුබූ අන් දෙයක් ඇතිවීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට “පටිච්චසමුප්පාදය” යි කියනු ලැබේ.
අවිද්‍යාව ඇති කල්හි ඒ අවිද්‍යාව නිසා පුණ්‍යාභිසංස්කාරාදි ත්‍රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්‍යාව පටිච්චසමුප්පාදයකි. අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසා ද විඥානය ඇති වේ. එබැවින් සංස්කාරයෝ ද පටිච්ච සමුප්පාදයකි. සංස්කාර හේතුවෙන් හටගත් විඥානය නිසා නාමරූප හටගනී. එබැවින් විඥානය ද පටිච්චසමුප්පාදයකි. විඥානය නිසා හටගත් නාමරූපය නිසා ෂඩායතනය පහළ වේ. එබැවින් ෂඩායතනයට හේතු වූ නාම රූපය ද පටිච්චසමුප්පාදයකි. මෙසේ ස්පර්ශය ඇති වීමට හේතු වන බැවින් ෂඩායතනය ද පටිච්චසමුප්පාදයකි. වේදනාව ඇති වීමට හේතු වන බැවින් ස්පර්ශය ද පටිච්චසමුප්පාදයකි. තෘෂ්ණාව ඇති වීමට හේතු වන බැවින් වේදනාව ද පටිච්චසමුප්පාදයකි. උපාදානය ඇති වීමට හේතු වන බැවින් තෘෂ්ණාව ද පටිච්චසමුප්පාදයකි. භවය ඇති වීමට හේතු වන බැවින් උපාදානය ද පටිච්චසමුප්පාදයකි. ජාතිය ඇති වීමට හේතු වන බැවින් භවය ද පටිච්චසමුප්පාදයකි. ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෝපායාසයන් ඇති වීමට හේතු වන බැවින් ජාතිය ද පටිච්චසමුප්පාදයකි. ජරාමරණාදිය ද අවිද්‍යා තෘෂ්ණාවන්ට හේතු වන බැවින් පටිච්චසමුප්පාදයකි.
මෙසේ අවිද්‍යාවේ පටන් ජරා මරණය දක්වා ඇති මේ ධර්ම සියල්ල ම එකිනෙකට හේතු වන බැවින් පටිච්චසමුප්පාද නම් වේ. ඒ පටිච්චසමුප්පාදය ප්‍ර‍කාශ කරන්නා වූ “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදි පාඨයට ද ඒ නම කියනු ලැබේ.
එක් ගලක් මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, ඒ ගල මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, එය මත අනෙක් ගලක් ද මෙසේ උස් වී සිටින සේ එකින් එක මත තබන ලද ගල් සමූහයට වෙන් වෙන් වූ ගල් ගැන අපේක්‍ෂාවක් නො කොට කථා කරන කල්හි කුලුන ය යි ද කණුව ය යි ද කියනු ලැබේ. එහෙත් එකක් උඩ එකක් පිහිටා තිබෙන ගල් සමූහය හැර එහි කුලුනය කියා අමුතු දෙයක් නැත. සත්‍ය වශයෙන් එහි ඇත්තේ ගල් සමූහය පමණකි. එ මෙන් එකක් නිසා එය හා බැඳී පවත්නා සේ තවත් ධර්මයක් ඇති වීම් වශයෙන් නො සිඳී පැවතී ගෙන යන්නා වූ අවිද්‍යාදි ධර්ම පරම්පරාවන්ට, ධර්ම සමූහයන්ට වෙන් වෙන් වූ ධර්ම ගැන අපේක්‍ෂාවක් නැති ව කථා කරන කල්හි ස්ත්‍රිය ය, පුරුෂයා ය, දෙවියා ය යනාදි නම් කියනු ලැබේ. එහෙත් ධර්ම සමූහය - ධර්ම පරම්පරා මිස සත්‍ය වශයෙන් ඇති ස්ත්‍රියක් පුරුෂයෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත.
කුලුනය යි කී කල්හි සත්‍ය වශයෙන් කුලුනක් නො ලැබී එක පිට එක පිහිටි ගල් සමූහයක් ලැබෙන්නාක් මෙන් ස්ත්‍රිය ය කියා හෝ පුරුෂයා ය කියා හෝ මිනිසා ය දෙවියා ය සත්ත්වයා ය කියා හෝ කී කල්හි සත්‍ය වශයෙන් එක් එක් ධර්මයක් නිසා ඇති වන්නා වූ ධර්ම සමූහයක් ම ලැබේ. ස්ත්‍රී පුරුෂාදීහු නො ලැබෙත්. පටිච්චසමුප්පාදය යි කියනුයේ එක එකක් නිසා පවත්නා වූ ඒ ධර්ම සමූහයට ය. එබැවින් පටිච්චසමුප්පාදය අපෙන් ඈත අන් තැනක - අන් ලොවක ඇතියක් නොවේ. අප ම බව හෙවත් සත්ත්වයන් පුද්ගලයන් සැටියට ව්‍යවහාර කරන දෙය ම බව දත යුතු ය. පටිච්චසමුප්පාදය අප ම වුව ද එය සත්ත්ව පුද්ගල කථාවෙන් අපට වැසී තිබේ. වැසී තිබෙන බැවින් තේරුම් ගැනීමට - දැන ගැනීමට දුෂ්කර ගැඹුරු ධර්මයක් වී තිබේ.

*පටිච්චසමුප්පාදය නො දැනීමේ දෝෂය*

පටිච්චසමුප්පාදය මහා දුක්ඛස්කන්ධයකි. දුඃඛ චක්‍ර‍යකි. එයට හසු වී සිටින්නා වූ සත්ත්වයෝ ජාති - ජරා - ව්‍යාධි - මරණාදි දුඃඛයන්ට හා ආපායික දුඃඛයන්ට ද නැවත නැවත හසු වෙමින් සෙක්කුවේ බඳින ලදු ව එය වටේ කැරකෙන ගවයන් මෙන් භවත්‍රයෙහි කැරකෙති. රෝගයක් ඇති කෙනකුට ඒ රෝගය හොඳින් හැඳින ගන්නා තුරු එයට සෑහෙන ප්‍ර‍තිකාරයක් කරගෙන එයින් මිදිය නො හෙන්නාක් මෙන් ප්‍ර‍තීත්‍යසමුත්පාද සංඛ්‍යාත දුඃඛ චක්‍ර‍ය හෙවත් සංසාර චක්‍ර‍ය හොඳින් හැඳින ගන්නා තුරු අවිද්‍යා තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයන් ප්‍ර‍හාණය කොට එය සිඳ එයින් මිදී නිවනට නො පැමිණිය හැකිය. එ බැවින් තථාගතයන් වහන්සේ විසින් ආනන්ද ස්ථවිරයන් වහන්සේට -
“ඒතස්ස ආනන්ද, ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති.”යි වදාරන ලදී.
“ආනන්දය, මේ ප්‍ර‍තීත්‍යසමුප්පාද ධර්මය නො දැනීම නිසා, අවබෝධ නො කිරීම නිසා, ප්‍ර‍තිවේධ නො කිරීම නිසා මේ සත්ත්වයෝ (මීයන් කැපූ) නූල් පන්දුවක් සේ අවුල් වූවාහු රෙදි වියන්නන්ගේ නූල් පන්දුවක් මෙන් අවුල් වූවාහු මුඤ්ජබබ්බජ නම් වූ තණවලින් ඇඹරූ දිරා කැඩී ගිය කඹයක තණකෙඳි මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ දුක්ඛයා ගේ පැවැත්ම ඇත්තා වූ අපාය හා සංසාරය නො ඉක්මවත්” යනු එහි තේරුම ය.
තව ද පටිච්චසමුප්පාදය නො දත් තැනැත්තා නියම ශ්‍ර‍මණයකු හෝ බ්‍රාහ්මණයකු නො වන බව ද ප්‍ර‍ත්‍යක්ෂාත්මභාවයේ ම ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නකු නො වන බව ද තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
*“යේහි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා ජරාමරනං නප්පජානන්ති, ජරාමරණ සමුදයං නප්පජානන්ති, ජරාමරණ නිරෝධං නප්පජානන්ති. ජරාමරණ නිරෝධගාමිනිං පටිපදං නප්පජානන්ති. -පෙ- න මේතේ භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා සමණේසු වා සමණ සම්මතා, බ්‍රාහ්මණේසු වා බ්‍රාහ්මණ සම්මතා, න ච පන තේ ආයස්මන්තෝ සාමඤ්ඤත්ථං වා බ්‍ර‍හ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සන්ති.”*
“මහණෙනි, යම් කිසි ශ්‍ර‍මණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ජරාමරණය නො දනිත් ද, ජරාමරණ හේතුව නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දනිත් ද, ජරාමරණ නිරෝධයට පැමිණෙන්නා වූ ප්‍ර‍තිපත්තිය නො දනිත් ද -පෙ- මහණෙනි, ඒ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ ශ්‍ර‍මණයන් අතර ශ්‍ර‍මණය යි සම්මත වූවෝ ද නො වෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණය යි සම්මත වූවෝ හෝ නො වෙති. ඒ ආයුෂ්මත්හු ලෝකෝත්තර මාර්ගය වර්තමාන ජාතියේ දී තමන් ම විශිෂ්ට ඥානයෙන් ප්‍ර‍ත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නෝ නො වන්නාහු ය” යනු එහි තේරුම යි.
🪷🪷🪷🪷🪷🪷🪷🪷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
පටිච්චසමුප්පාදයේ පිළිබඳ ලිපි මාලාව පිළිවෙලට ඉදිරියට කියවන්න
🪷🪷🪷🪷🪷🪷🪷🪷
(අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ධර්ම ග්‍රන්ථ වලින් උපුටා සකස් කරන ලදී
🪷🪷🪷🪷🪷🪷🪷
මෛත්‍රී පාරමිතා ආශිර්වාද
පට්ඨාන සජ්ඣායනාව සමූහය
විශ්ව අරණ සුවසේවා
🪷🪷🪷🪷🪷🪷🪷🪷

8 - 2

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
Posted 1 month ago

*꧁━━━━ •⊰🛞⊱•━━━━꧂*
*•°•°•° *උතුම් තෙරුවන් සරනයි* °•°•°•°•*
*ලැබුවාවූ 2025 වසර සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි ගතවී උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාට පවුලේ සැමට සහ දස දිසාවේම සකලවිධ ලෝක සත්වයෝම සුවසේ ජීවත් වීමට හැකියාව අති වී භය හැක දුරු වී නිදුක් නිරෝගි සුවය ලැබී දීර්ඝායුෂ භූක්ති විදිමට හේතු වාසනා වේවා කියලා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!*
*꧁━━━━━ •⊰🛞⊱• ━━━━꧂*
❤️❤️❤️❤️❤️❤️❤️❤️
*ශ්‍රීමත් ශ්‍රී සුගථ තතාගත අමාමැණි ශාන්තිනායක අංගීරස මහා භාග්‍යවන්ත වූ සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ අසමසම ජීවමාන වූ බුද්ධ ගුණානුභාවයෙන්,* *පිංවන්ත ඔයාට ඔබගේ පවුලේ සැමට ප්‍රාර්ථනා කරන්නම් උදාවු 2025 වසර සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සුභ හා වාසනාවන්ත වීමට*
*අධ්‍යාත්මය සුවපත් වේවා.!!!*
*ප්‍රභාෂ්වර වේවා...!!! ශක්තිමත් වේවා..!!!මුලු සිරුර ම ප්‍රකෘතිමත් වේවා...! සුවපත් වේවා...!!!*
*හාත්පස දසදිශාවෙන් ම කල්‍යාණමිත්‍ර ඉෂ්ටකාමී දෙවියන් ඇතුළු සියලු දෙව් බඹුන්ගේ කාරුණික ආශිර්වාදයෙන් ආරක්ෂාව, වාසනාව, සෞභාග්‍යය ම ආකර්ෂණය වේවා...!* *අධ්‍යාත්මික බලවත් බව වැඩේවා..!!! ආත්ම විශ්වාසය වැඩේවා...!සොබාදහමේ ආශිර්වාදය ලැබේවා...!!! සත්පුරුෂ කල්‍යාණමිත්‍රාශ්‍රය ම මොහොතක් පාසා ලැබේවා..!!!*

*ජීවිතයේ තබන සෑම පියවරකින් ම සාර්ථකත්වය ම වේවා...!*
*දීර්ඝායුෂ පිරි සාර්ථක, වාසනාවන්ත සුබ දවසක් වේවා...!*
*තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...*
*ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්...*
*ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්...*
*ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්...*
*දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්...*

*දස දිශාවේ වැඩසිටින* *තථාගතයන් වහන්සේගේ ධාතූන්* *වහන්සේලාගේ ආනුභාව බලයෙන්...*
*නික්ලේෂී මහ රහතන්* *වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන්...*
*සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්...*

*පින්වත් ඔබ ඇතුළුව පවුලේ සැමදෙනාමත්...*
*නිදුක් වෙවා...! නීරෝගි* *වේවා...!සුවපත් වේවා...!!!*

*කායික සුවයෙන් සුවපත් වේවා...!!!*මානසික සුවයෙන් සුවපත් වේවා...!!!*

*ශ්‍රද්ධාවෙන්...සීලයෙන්...දහම් දැනුමින්...ත්‍යාගයෙන්...*
*ප්‍රඥාවෙන්...වීර්යෙන්...සිහියෙන්...සමාධියෙන්...වැඩෙම්වා...!!!*

*ආයුෂයෙන්...වර්ණයෙන්...සැපයෙන්...බලයෙන්...යසසින්...කීර්තියෙන් වැඩෙම්වා...!!!*

*අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...!!!*

*ඇසිල්ලක් පාසාම බුදු ගුණ...*
*දම් ගුණ...සඟ ගුණ...සිහි වේවා..!!!*
*කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...!!!*

*යන එන මග තොට... ගමන* *බිමන...නිති ආරක්ශාව රැකවරණය සැලසේවා..!!!*

*ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්රයක් පාසාම සැනසිල්ලම උදා වේවා...!!!*
*අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...!!!*

*ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්නට පින් පුරන වාසනාවන්ත සුභ දවසක්ම වේවා...!!!*

*අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා...!!!*
*සුභ උදෑසනක් වේවා༻∞ වාසනාවන්ත සුභම සුභ නව වසක්ම වේවා!!!*
*තෙරුවන් සරණයි...!!!*
🌞🌞🌞🌞🌞🌞🌞
ඔබට තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
🌞🌞🌞🌞🌞🌞
දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්.....
🌞🌞🌞🌞🌞🌞🌞🌞
නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වසරක් වේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
සුභ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
බුද්ධරතනං, ධම්මරතනං, සංඝරතනං, තින්නං රතනානං ආනුභාවේන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු-භාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තේ රෝගා, සබ්බේ තෙ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු:- ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා,
🌞🌞🌞🌞🌞🌞🌞🌞
බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නංරතනානං ආනුභාවේන – බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,
🌞🌞🌞🌞🌞🌞🌞🌞
චතුරාසිති සහස්සධම්මඛන්ධානුභාවේන – අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද,
🪷🪷🪷🪷🪷🪷🪷
පිටකත්තයානුභාවේන – තුන් පිටකයේ ආනුභාවයෙන් ද,
🌻🌻🌻🌻🌻🌻🌻🌻
ජිනසාවකානුභාවේන – බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,
🌞🌞🌞🌞🌞🌞🌞🌞
සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු – ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා – අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා
මේ සෑම මා කරණ පින්කමක් බලයෙන්ම ඔබට පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි අනන්ත සංසාරයේ පුරාවටම මා රැස්කර ගත්තාවු සියලු කුසල් සම්භාරය සත්‍ය බලයෙන් අධිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා. ඇතිවී නැති වන්නාවූ මහා භූත නිරුද්ධ වීමෙන් ශරීරයේ සියලු ශෛල සුභ ශෛල බවට පත් වේවා. සියලු රෝග අතුරුදන් වේවා. උතුම් ධර්ම අවබෝධය ලබන්නට අවැසි ප්‍රඥාව වැඩෙත්වා වීර්යය වැඩෙත්වා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මගේ විඤ්ඤාණ බලය අරගෙන දීර්ඝායුෂ ලබත්වා ඇති වී තිබෙන සියලු අපල උපද්‍රව දුරුවේවා කායික පීඩාවන් මානසික පීඩාවන් දුරුවේවා යන එන ගමන් බිමන් වලදි සතුරු කරදර බාධක අතුරු ආන්තරාවල් නොමවේවා උතුම් තුණුරුවනෙ ආශිර්වාදය සියලු දෙවියන්ගෙ පිහිට රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පිංවත් ඔබට සෑම දෙයින්ම ඔබට යහපතක් වේවා මාගේ හදවතින්ම ආදරය කරුණාව දයාව පිරි සෙනෙහසින් කරණ ආශිර්වාදය ඔබගේ ශරීරය සුවපත් වෙනවා සත්‍යයි. යහපත්කම වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා*
🩷🩷🩷🩷🥰🥰🥰🥰
🌞🌞🌞🌞🌞🌞🌞🌞
තුණුරුවනේ ආශිර්වාදයම ලැබේනවා!!! සත්‍යයි💪
🪷🪷🪷🪷🪷🪷🪷🪷
මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය
විශ්ව අරණ සුව සේවා
❤️❤️❤️❤️❤️❤️❤️❤️

4 - 1

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
Posted 1 month ago

*꧁━━━━ •⊰🛞⊱•━━━━꧂*
*°•° *උතුම් තෙරුවන් සරනයි* °•°*
*ලැබුවාවූ අදදිනය ඔබට යහපතක්ම වේවා!!! දස දිසාවේම සකලවිධ ලෝක සත්වයෝම සුවසේ ජීවත් වීමට හැකියාව අති වී භය හැක දුරු වී නිදුක් නිරෝගි සුවය ලැබී දීර්ඝායුෂ භූක්ති විදිමට හේතු වාසනා වේවා කියලා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!*
*꧁━━━━━••⊰🛞⊱••━━━━꧂*
*ජීවිතය ට යමක්👇🏾*
🪷🪷🪷🪷🪷🪷🪷🪷
❛❛ මාව දරාගත්තු කල්‍යාණ මිත්‍ර මිනිස්සු වෙනුවෙන් වචනයක් ❜❜
🪷🪷🪷🪷🪷🪷🪷🪷
🟣කිසිම දෙයක් හොඳින් සිද්ධ නොවෙනකොට,
හැමදේම හොඳින් විසඳෙයි කියලා හිත හැදුවට,

🟣වෙනස් නොවෙයි කියලා හිතපු මිනිස්සු බලන් ඉද්දිම වෙනස් වෙනකොට,
තනි නොකර ළඟින්ම හිටියට,

🟣ජීවිතේ එපා වෙලා මට මං ගැනම කළකිරෙනකොට,
අද නැති වුණත්, හෙට සතුටු හිතෙන දවසක් වෙයි කියලා මාව රැකගත්තට,

🟣මගේ ගමනට සැමදාම හයියක් උන මගේ සත්‍ය වශයෙන් අතහිත දෙන්නා වූ සියළුම කල්‍යාණ මිත්‍රයන් ට හදවතින්ම ආදරෙයි. ඒ හැමෝටම පතන සියලු කාරණා ඉෂ්ට සිද්ධ වෙන්න කියලා හදවතින්ම අධිෂ්ඨාන කර හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා.

🟣ඒවාගේම කෙටියෙන්ම මගේ ජීවිතේ ඇතුළේ මාව තේරුම්ගත්ත මම මනුස්සයෙක් වුණාට..
ඒ මගේ බලගතු යටිසිත ට මම ගොඩක් ආදරෙයි. හිත ඒ තරම්ම හයියයි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🪷🪷🪷🪷🪷🪷🪷🪷
මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය
🪷🪷🪷🪷🪷🪷🪷🪷
පට්ඨාන සජ්ඣායනාව සමූහය
🪷🪷🪷🪷🪷🪷🪷🪷
විශ්ව අරණ සුවසේවා
🪷🪷🪷🪷🪷🪷🪷🪷

7 - 3

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
Posted 2 months ago

*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
°•° *උතුම් තෙරුවන් සරනයි* °•°
*සුබම සුබ දිනයක් යහපතක්ම වේවා!!! දස දිසාවේම සකලවිධ ලෝක සත්වයෝම සුවසේ ජීවත් වීමට හැකියාව අති වී භය හැක දුරු වී නිදුක් නිරෝගි සුවය ලැබී දීර්ඝායුෂ භූක්ති විදිමට හේතු වාසනා වේවා කියලා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!*
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
*ජීවිතය ට යමක්*
👇🏾👇🏾👇🏾👇🏾👇🏾👇🏾👇🏾
🤭හැමදේම ඔඩොක්කුවට වැටෙනකම්ද බලාගෙන ඉන්නේ 🤭.එහෙම උඩ බලාගෙන හීන ලෝකවල ජීවත්වෙලා ඔබට කිසිම දවසක සාර්ථකත්වයක් ලබාගන්නවා තියා හිතන්නවත් බැහැ.

🤭ඒක නිසා ඔබේ හීන හා බලාපොරොත්තු පසුපස හබාගෙන යන්න.ඒවා ලුහුබදින්න.ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් උපරිමය කරන්න.වැඩියෙන් වැඩ කරන්න.
මේ මොහොතේ කලයුතු දේ මේ මොහොතේ ම කරන්න
අනිවාර්යයෙන්ම කරන්න අධිෂ්ඨාන කරගන්න
එවිට හැම මොහොතකම ඔබ දිනුමක්

🤭🤭🤭🤭🤭🤭🤭
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🪷🪷🪷🪷🪷🪷🪷
මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය
පට්ඨාන සජ්ඣායනාව සමූහය
විශ්ව අරණ සුවසේවා
🤍🤍🤍🤍🤍🤍🤍

9 - 0

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
Posted 3 months ago

කැඩෙන කැඩෙන විට වඩන සතිය |

“සතිය” ගැන තවත් පුංචි පණිවිඩයක්.

“සතිය” පුරුදු කරන විට ඒ “සතිය” දිගේම යන දිගුවක් ලෙස අපිට සම්බන්ධ කර ගන්න පුළුවන්.

අපි “සතිය” වඩන්න පටන් ගත්තම ඉස්සෙල්ල ඉසෙල්ලා අපි ඒ ගැන පශ්චාත්තාප වෙනවානේ “බලන්නකෝ සතිය කැඩුණා, ඒකෙ සූක්ෂ්ම වර්ධනයක් වෙන්නේ නැහැ, අතරින් පතර බාධා වෙනවා නේ” කියල .

අපිට එහෙම හිතුනට කමක් නැහැ කියල “සුදානම් ශරීරයෙන්” හිත හදා ගෙන දිගට කර ගෙන යන කොට ඒ කැඩෙන දේට වෙන හානිය පුළුවන් තරම් අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ කැඩෙන එකේ නපුර අඩු වෙන්න පටන් අර ගන්නවා.

අන්න එහෙම කරන කොට එයාට මේ “කැඩිච්ච සතිය” ආපහු අරමුණෙ පිහිටන හැටි බලන කොට පේනවා කැඩුනට පස්සේ තමන්ම මේක හදා ගෙන යන කොට එතන ඇති වෙන දක්ෂතාවය තුල ඉස්සර වගේ බය වෙලා පස්ස ගහන ගතියක් නොවෙයි දැන් තියෙන්නේ , ඒ තමන් තුලම සිදු වෙන දේට වශී වෙන ගතියක් තමයි හිතේ ඇති වෙන්නේ කියල.

අපි මේකට කියනවා සිද්ධි වෙනවා කියල.

හරියට කියනවා නම් ජප මන්තරයක් වුනත් නැවත නැවත සිද්ධි කරන කොට තමයි ඒකෙන් වැඩ ගන්න පුළුවන් වෙන්නේ කියල කියනවා නේ.

එහෙම බලන කොට “සතිය” වැඩෙන්න වැඩෙන්න ..කැඩෙන්න කැඩෙන්න... ඒක හරියට ජපන් “බොන්සායි මල් කලාවේ” අර පුංචි ගහක් අරගෙන එහාට නමල මෙහාට කඩල අතු හදලා ලස්සන හැඩයක් ගන්නවා වගේ ..පැරණි ගහක ස්වරූපයක් ගන්නවා වගේ.

අන්න ඒ වගේ මේ සතියත් කැඩෙන්න කැඩෙන්න ඒක හරියට “පදම් වෙච්ච හමක්” වගේ, නැත්නම් “බොන්සායි මල් කලාව” අනුව හදපු ලස්සන ගහක් වගේ .

එතකොට “සතිය” වැඩෙන්න වැඩෙන්න ..”සතිය” කැඩෙන්න කැඩෙන්න ඒ කෙනාගේ පිට කොන්ද හැදෙනවා , පවුරුෂත්වය හැදෙනවා.

ඉතින් අපිට මේක ඉගැන්වීම් කලාවටත් ඇතුල් කරලා හැම කෙනාටම තමන්ගේ ඉදිරිය තමන්ට ඕන විදියට නමල හදලා ගන්න , වශී කර ගන්න , එහෙම නැත්නම් සිද්ධි කර ගන්න මේ මුල් ආයෝජනය එහෙම නැත්නම් මේ “ආරම්භක සතිය” කල් නොයවා පමා නොවී දිගට කර ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

හැබැයි ඉතින් ප්‍රාර්ථනා කල පමණින් හරියන්නේ නැහැ. “සතිය” දිගටම පුරුදු කරන්න ඕන.

“සතිය” පුරුදු කර ගෙන කර ගෙන යන කොට “සතිය” කැඩුනට හිත අමනාප කර ගන්නේ නැතිව ඉදිරියට යාම නිසා හිතක ඇතිවෙන ඒ පවුරුෂත්වය හේතුවෙන් “පවුල් අතර සමගිය, කන්තෝරුවක තියන ඒකාත්මිභාවය, ප්‍රමුඛතාවය , සහ පරිපාලන කලාව” යනාදියේ පුදුම දියුණුවක් ඇති කරනවා.

“සතිය” වඩන කොට අන්න ඒ නිසි නින්දේ වැඩෙන මේ පවුරුෂත්වය අතිරේක ලාබයක් කරගෙන අපි දිගට “සතිය” පවත්වා ගෙන යමු.

ඒ අතුරු ප්‍රයෝජනය ගැන හිතල මේ “සතිය” වඩන එක දිගට කර ගෙන යන්න උත්සාහ කරන්න කියල අපි ආයාචනය කරනවා.

තෙරුවන් සරණයි

10 - 0

Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
Posted 3 months ago

_⚪මෙලොව පරලොව සනහාලන ශාන්ත නිවනින් සැනසීම හිමිකර දෙන මේ උදාරතර ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හැම දෙනාට වාසනා වේවා කියල මම ආශිර්වාද කරනවා. | *පින්වත් බලංගොඩ රාධ ස්වාමීන්වහන්ස.*_

සියලු සත්ත්වයෝ නිදුකින් නීරෝගීව සුවපත්ව කල් ගෙවත්වා. සමඟියෙන් සතුටින් සැනසිල්ලේ කල් ගෙවත්වා. දුක් විපත් බාධක කරදර මඟ හැරේවා. හඳ සන්තාප ලතැවුල් සෝවිපත් මඟ හැරේවා. අකුසල විපාක දුක් විපාක මඟ හැරේවා. ජීවිතයට හැම අතින්ම සහනයක් වේවා. නරක නොමනා අරමුණු මුණ නොගැසේවා. මිහිරි මනා අරමුණු මුණ ගැසේවා. කුසල් දහමේ රතිය ඇති වේවා. අකුසලයේ චන්දය දුරු වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොවෙත්වා. තරහා නොවෙත්වා. ඊරිසියා නොකරත්වා . සතුටින් සැනසිල්ලේ සමඟියෙන් සියලු සත්ත්වයෝ ජීවත් වෙත්වා කියන ප්‍රාර්ථනාව අපි හැම කෙනාගෙ හඳවත්වල මේ හිමිදිරි පාන්දර පිහිටුවා ගනිමු.

_*අතිපූජනීය පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ🙇🏻‍♂️*_

18 - 1